දෑඟිලි විදා නුඹ නිදහස් කර හැරියද
මටත් නොදැනීම අපේ හීන පොකුර
මිටි කරගෙන උන්නා මම මෙතෙක් කාලෙකට
හරිම වෙහෙසයි මට....
ටිකෙන් ටික ඇඟිලි දිග හැර
එකින් එක සිහින පා කර
හෑල්ලු කලා මම හදවතේ බර...
ඉතිං....
දැනෙනවා මට ලොකු වෙනසක්...
වෙලාවකට මහා නිදහසක්...
වෙලාවකට දරුණු හුදකලාවක්...
බලා ඉන්නවා මං.......
මගෙ නමට ලියවුන එකම එක සිහිනයක්
කවදාහරි හදවතේ ලැගුම් ගන්නා තෙක්
කිසිදා බිඳී දුරස් නොවන අයුරින්...
Cameelia

අපි ගොඩක් අය ඔය විදියෙ හීන පොකුරු මිටි කර ගෙන තමයි ඉන්නෙ. කොච්චර වෙහෙස උනත්, අතහැරියම කොච්චර නිදහසක් ලැබෙනවද කියලා හොදටම දැන දැනත්, අත හරින්න බය මේ කියන දරුණු හුදකලාවට බය හින්දා වෙන්න ඇති..
ReplyDelete