කැමීලියා මල් යාය
මද පවන අරන් එන මල් සුවඳ විඳ ගන්න හිත පිරෙන්න...
Wednesday, January 25, 2012
සිත...
දැවී අළුවී මියෙන බව දැන දැනම
ගින්දරටම ඇදෙන මෙරු රැලක් ලෙස
හදවත රිදෙන බව හොඳහැටි දැනගෙනම
නුඹෙ ආලයම පතනා මගෙ මෝඩ සිත
දැන් දැන් දැවෙනවා පෙර සුපුරුදු ලෙසට
....
කැමීලියා
Tuesday, January 24, 2012
කිමද …...?
බැඳුනොත් නුඹෙ සිත වෙත සිත
නුඹ දුර යන හැම විටකම
තනිපංගලමේ හිඳ මම
වැලපෙමි දස දහසක් වර
...
නොබැඳෙන්නට නුඹෙ සිත වෙත
පිලින දහක් දුන් මගෙ සිත
ආල නුඹේ සිත අභිමුව
දුහුවිල්ලක් වන්නේ කිම …
...?
කැමීලියා
Tuesday, January 10, 2012
සිහිනය ...
අවැසි විට අඬන්නට නුඹ උරය මත
..
නගන්නට මද සිනහ නුඹෙ දෑස් ඉදිරිපිට
..
ලංවෙන්න උණුහුමට නුඹේ ලය මඬලට
..
මුමුනන්න හැමදේම සීරුවෙන් කනට කර
..
නෙතු නොපියා නුඹේ ඇස් දිහා බලාගෙන ඉන්නට
..
නුඹෙ සුසුම් සුවය මැද හදවතේ රාවයට කන්දෙන
..
හදවතට ආදරෙන් උමතු වී ඉගිලෙන්න ඉඩදෙන
..
සුව සිහිනයක් හැබැහින්ම දකින්නට හිතයි මට
..
කැමීලියා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)