Thursday, March 15, 2012

සුදු පුතේ ...







තාරුකා වියන් යට
සඳ කැල්ම ඉහිරිලා
සිනිඳු සළු පොරවගෙන
සුව යහනෙ සැතපිලා
කිරි සිහින අතරමැද
දොයියන්න සුදු පුතේ ...
හෙට දිනට අළුත් හිරු
සිත පුරා පැතුම් ගෙන
සුමුදු මල් ඇහැරවා
පෙරඹරින් නැගෙනා තුරා...


                                     Cameelia
 

No comments:

Post a Comment