Monday, March 31, 2014

මගේ නුඹට.....






පියවරෙන් පියවර
ජීවිතය වෙනස් කල නුඹ . . .
ආයෙමත් දිවි මංපෙත
නවමු ඉසව්වකට
රැගෙන ගියා නොවෙද . .?
ඉතින් විඳිමු ජීවිතය
තවත් අළුත් මුහුණතකින්,
අළුත් දැක්මකින්,
අළුත් බලාපොරොත්තු වලින්,
ගැඹුරු වගකීමකින් . . .


                              cameelia..


Friday, September 13, 2013

නුඹ ලඟ නැති දා....


 


වලාකුළු සඳ හංගාගෙන,
අහස් ගැබ තනිකමෙන්...
සීතල ගතේ හිරිගඩු නැංවෙන,
නුඹේ උණුහුම නොමැතියෙන්...
බැලු බැලු අත නුඹේ රුව සුවඳ දැල්වෙන,
නුඹ නැතුව මම පාළුවෙන්...
හනික හිමිසඳ වඩිනු මාවෙත,
තුරුළු වන්නට සිත පුරා රිසියෙන්.....








                                      Cameelia

මගේම මගේම මගේම සඳට...








හදවතේ ආදර යතුරු
බාරයි දැන් නුඹට...
විවරයි මගේ හදවත
මියෙන තුරු නුඹ නමට...
ආදරෙයි හදවතින්ම
මගේම වුනු නුඹෙ සිතට...
ඉතිං අවසරයි,
හැබෑ වන්න‍ට මගේ සිහිනයට...






                                                              Cameelia


Monday, July 29, 2013

සිතබැඳි නුඹට....





නොසිතුවෙමි...
මතු දිනක
මුනගැසේ යැයි,
හදගැබේ නිතැතින්ම
ආදරෙන්
ලැගුම් ගන්නා සිතක්...
ඒත්...,
පුදුමයකි...
නුඹේ දඟකාරකම්, අහිංසක හිනාව..
නුඹේ ආදරය, සෙනෙහස..
නුඹේ රැකවරණය, දයාව..
මටත් නොදන්වා
මගේ සිත
පැහැරගත් මහිම...

සත්තයි...
මං ආදරෙයි...
මහ හුඟක්...






                                                                              Cameelia


Wednesday, January 30, 2013

සුපෙම්වතුනි..,







නිල් අහසට සඳ වඩින්නේ
සොලොස් කලා පුරමින්
මගේ අහසට නුඹ වැඩියේ
මටත් හොරා රහසින්
කලා නොපිරුවත් මගෙ සිත
නුඹට බැඳුනි දහසින්
සුපෙම්වතුනි.., කිසිම දිනක
බැස නොයන් මසිත අහසින් ....




                                       Cameelia










හීන....








හදවත පිදුවේ කිසිදා රිදවන්න නොවේ ...
දෑඟිලි පැටලුවේ කිසිදා වෙන් වෙන්න නොවේ ...
නුඹ‍ට ලංවුනේ කිසිදා දුර යන්න නොවේ ...
නුඹෙ පාමුල හැබෑවන්න හීන අහුරු හිතේ තියේ ...




                                                                                       Cameelia

Wednesday, December 5, 2012

විගහින් පෑයූ සඳවතට...







දේදුන්නේ පා‍ට අරං
මහ හුළඟක් වගේ ඇවිත්
අදහගන්න බැරි නිමේෂයක
හිත් මානේ නතර වෙලා
විසිරුණු පිටු එකතු කරලා
ලස්සන පුංචි සිතුවමක්
අපූරුවට පින්තාරු ගන්වලා
ඔය හිතේ රන්ද ගන්න
හිතුනේ මන්දැයි කියලා
හීන් සැරේ කියනවද මට......?



                                                                                                  Cameelia

 

Friday, July 13, 2012


බටලී වයන්නෙනි නුඹටයි මේ වදන් ...





නූල් ඇදුනු කමිසයක් ඇඳගෙන
අත් දෙකට මැදිච්ච බඩ වියත රැකදෙන
වටිනාම වස්තුව බටනලාව දෑතින් අරගෙන
උදේ පාන්දර නුඹ බසයට ගොඩ වෙනකොට
ඇත්තටම හදවතින් සතුටු වෙනවා මම
දවසම හිත සනසන අපූරු නිවිච්ච සංගීතය
අපට තිළින කරලා වැඩිමනත් මුකුත් නොකියා
ලැබෙන ගාන එකතු කරන් නුඹ බැහැලා යන්නේ
පුංචි දරු පැටව් ටිකකගේ කුසගින්න
නිවන්න බව මුහුනෙන්ම පේනවා මට...
අතට එකතු වෙන සල්ලි ටිකට අමතරව
අපේ ඇස් වලට එකතු වෙන පුංචි කඳුළු කැට,
නුඹේ වාදනේ අහලා කලබල හිත් වලට දැනෙන සැනසිල්ල
නුඹටයි නුඹේ දරු පැටවුන්ටයි
ආශිර්වාදයක්ම වෙන්න ඕන ...




                                    Cameelia


Wednesday, July 11, 2012

නොහැක මා හට ...








පලක් වෙද ලං වෙන්න බැරි ලෙස
සිව් දිගම කොටු පවුරු බැඳගත්
නුඹේ ඇරයුම් ආදරේ ...
ලංව ඉන්නට නොහැක මා හට
නුඹේ සෙවනැල්ල අභියස
ඉතින් කිසිදා ජීවිතේ ...



                                    Cameelia

Monday, May 14, 2012

විගහින් පායන්න සඳවත...








රැය තවම අඳුරුයි මට
තරු පොකුරු පීදුනත්
දස අතේ මහ හුඟක්..
හදවතට වෙහෙසයි වගේ
නිහඬව බලා උන්නත්
නුඹ තවම හැංගී බැවින්..
ඉතිං සඳවත..,
තව අගේ නොකරම
පායන්න දැන් ලොබ හැර
නිහඬ ඝණදුර දුරු කර
නුඹ වඩින තුරා
මගේ සිත නොඉවසිල්ලලෙන්...



                                                                   Cameelia