Friday, September 13, 2013

නුඹ ලඟ නැති දා....


 


වලාකුළු සඳ හංගාගෙන,
අහස් ගැබ තනිකමෙන්...
සීතල ගතේ හිරිගඩු නැංවෙන,
නුඹේ උණුහුම නොමැතියෙන්...
බැලු බැලු අත නුඹේ රුව සුවඳ දැල්වෙන,
නුඹ නැතුව මම පාළුවෙන්...
හනික හිමිසඳ වඩිනු මාවෙත,
තුරුළු වන්නට සිත පුරා රිසියෙන්.....








                                      Cameelia

මගේම මගේම මගේම සඳට...








හදවතේ ආදර යතුරු
බාරයි දැන් නුඹට...
විවරයි මගේ හදවත
මියෙන තුරු නුඹ නමට...
ආදරෙයි හදවතින්ම
මගේම වුනු නුඹෙ සිතට...
ඉතිං අවසරයි,
හැබෑ වන්න‍ට මගේ සිහිනයට...






                                                              Cameelia


Monday, July 29, 2013

සිතබැඳි නුඹට....





නොසිතුවෙමි...
මතු දිනක
මුනගැසේ යැයි,
හදගැබේ නිතැතින්ම
ආදරෙන්
ලැගුම් ගන්නා සිතක්...
ඒත්...,
පුදුමයකි...
නුඹේ දඟකාරකම්, අහිංසක හිනාව..
නුඹේ ආදරය, සෙනෙහස..
නුඹේ රැකවරණය, දයාව..
මටත් නොදන්වා
මගේ සිත
පැහැරගත් මහිම...

සත්තයි...
මං ආදරෙයි...
මහ හුඟක්...






                                                                              Cameelia


Wednesday, January 30, 2013

සුපෙම්වතුනි..,







නිල් අහසට සඳ වඩින්නේ
සොලොස් කලා පුරමින්
මගේ අහසට නුඹ වැඩියේ
මටත් හොරා රහසින්
කලා නොපිරුවත් මගෙ සිත
නුඹට බැඳුනි දහසින්
සුපෙම්වතුනි.., කිසිම දිනක
බැස නොයන් මසිත අහසින් ....




                                       Cameelia










හීන....








හදවත පිදුවේ කිසිදා රිදවන්න නොවේ ...
දෑඟිලි පැටලුවේ කිසිදා වෙන් වෙන්න නොවේ ...
නුඹ‍ට ලංවුනේ කිසිදා දුර යන්න නොවේ ...
නුඹෙ පාමුල හැබෑවන්න හීන අහුරු හිතේ තියේ ...




                                                                                       Cameelia