Thursday, December 29, 2011

Happy 2012







ඉතිං යාළුවනේ ඔයාල හැමෝටම සුභම සුභ නව වසරක්....
හැමෝගෙම හිත් වල හැංගිච්ච හැම ප්‍රාර්ථනාවක්ම හොඳම විදියට ඉෂ්ඨ සිද්ධ වෙලා සතුට මහ හුඟක් ඔයාලගේ හිත් වලට ලැබෙන්න ඕන...
කලින්ම සුභ පැතුවේ මට ආයි මේ පැත්තේ එන්න වෙන්නේ 2 වෙනිදට නිසා.




                                                                                                           මං කැමීලියා



Monday, December 26, 2011

පින්තූරය ...










පාට පොදක් නැතැයි කියා
නුඹ ගැරහූ පින්තූරය
බිමට වැටී කෑලි කැඩී
වෙන් වෙද්දි නුඹ කොයිබද ..?
අමාරුවෙන් අලවාගෙන
පළුදු කිසිත් ශේෂ නොකර
වෙනකකු සිත රැන්දූ වි‍ට
මර නින්දෙන් ඇහැරුනි නුඹ ...
ආයෙත් හිස් පින්තූරය
නුඹ ගෙනිහින් එල්ලුවාට
යටින් නමත් ගහගත්ත‍‍ට
මතකයෙ මෙය රැන්දුව මැන ...
නුඹට නොහැකි සායම් වැඩ
අන් කිසිවෙක් සිදුකලාම
ලෝකෙට ලස්සන වුනාට
නුඹේ හිතට සෑහේවිද ..?
මට මුකුත්ම නැති වුනාට
දේදුන්නෙන් පාට අරං
හැඩ කරනවා පින්තූරය
නුඹෙ දඬුවම තමයි ඒක ..

නුඹෙ සිත් බිත්තියේ මම පාට කරපු පින්තූරය
එල්ලිලා ඔහෙ වැනෙයි නුඹෙ ඇස් ඉස්සරහා ...


 
                                                                             කැමීලියා



ආදරය .. විරහව ...














ආදරය ..
සිය දහස් පොලකදී ඉපදුනත්
එකම තැනකදීවත් මිය නොයන ..

විරහව ..
පුංචිම පුංචි එක තැනක ඉපිද
සියොලඟම සදහටම දවාලන අපූරුව ..













අනේ මන්ද ..?
මැවුම්කරුට පිස්සුද ..?
අපිට පිස්සුද ..?



                                                                      කැමීලියා


Friday, December 23, 2011

ආදරණීය සිතුම් තෙලිතුඩ ...,








හමු වුනායින් පසු නුඹව
පෙම් කලායින් පසු නුඹට
වෙන් වුනායින් පසු නුඹෙන්
තෙලිතුඩින් ලියවුනේ
නුඹ පෙමේ අරුමැසි බව
ගැනම පමණක් නේද ..?
විරාමයන් ලැබුවයින් ඉඳ හිට
හති වැටෙන් නැති වෙයි නේද ..?
ඉතින් ආදරණීය සිතුම් තෙලිතුඩ ..,
ඔහු මුවින් නික්මෙන
උණුසුම් සුසුමක් පවා නොමැතිව,
ඔහු හදේ රිද්මය
නොඅසමින් එක තත්පරයකට,
නොදකිමින් ඔහු රුව
තත්පරයෙන් දහයෙන් එකකට
හැකි වේවි නේද නුඹට
අමුණන්න තව තවත් අකුරු වැල්
ප්‍රේමයේ නමටම ...
මේ දිවිය අවසන් වන තුරාවට ..
දුක්බර ආත්මය සැනසෙන්න‍‍ට ..



                                                                       කැමීලියා

Wednesday, December 21, 2011

ප්‍රාර්ථනා ...

   








නොසිතමින් නුඹව මට අහිමි බව ..
නොතකමින් මේ රැයද දහවලද වග ..
පතන්නෙම් මගේ මුළු හදවතින් මම
සුසුම් හැලෙනා තුරාවට ..
නුඹ මගේම මගේම මගේම වන්නැයි
මතු සසර පුරාවට ..




                                                                    කැමීලියා

Wednesday, December 14, 2011

කවි සිතට ...








පෙම් සිත පුබුදු කල
ආදරෙන් පිරුණ නුඹෙ
සෙවනැල්ල අභියස
දැනුන මට මුළුලොවම
මගේ වූවා වග …

ආදරය සිත් තුලම
සිරවෙලා පන ගැහි ගැහී
ආත්මය ගොළු වූ දින
ලොවම මැද අහිමි විය
මුළු ලොවම මට …

තනියට ලඟ ඉන්න කවි සිත
හැකිවේද නුඹට මගේ සිත ලඟ
සදා තනි රකින්නට
පෙම් සිත නිරතුරුව
ඔහු ගැනම සිතන සඳ ...


                                                                                           කැමීලියා

Tuesday, October 4, 2011

අපේ පුංචි කාලය ..


















ගලාගෙන එන හැන්දෑවෙ ඉර එළියත් එක්ක
ගොඩක් මතක් වෙනවා අපේ පුංචි කාලය ..
එකම පාරෙ දෙපැත්තේ ගෙවල් දෙකක ඉඳගෙන
ඇයි අපි මෙච්චර පහුවුනේ ආදරය කරන්න ..?

ඇත්තටම, කිව්වට ඔයා මං ගොඩක් ආඩම්බර බව
මටත් මතකයි තවම හැමදෙයක්ම .. ඔයාට වගේම ..
ලොකු හිනාවක් එක්ක කතා නැතුව බලාගෙන ඉන්න ඔය මූණ ..
සුදු කලිසම ඇඳලා ඉස්කෝලෙ යන හැටි හැමදාම ..
එදා පන්තියේ ලී ගේට්ටුව ගාවදි කතා කරපු හැටි
බෙල්ල ඇල කරගෙන මං දිහා බලාගෙන ..
මැවි මැවී පේනවා මට තුන් තිස් පැයේම ..

ඇයි ඉල්ලුවේ නැත්තේ ඒ දවස්වල මගෙන් ජීවිතය ..
කොහොමද ඔයාට නොහිතුනේ
කරයි කියලා මං ඔයාට මෙච්චර ආදරය ..
ඉවසගන්න බෑ මට මේවා මතක් වෙනකොට ..
ඇයි දෙයියනේ අපිව කෙරුවේ මේ හැටි ප්‍රමාද ..?
යන්න පුළුවං වෙන්නේ කවදද ආයිත් අපට
අත් අල්ලගෙන ඒ නිකැලැල් පුංචි කාලයට ...



වේගෙ වැඩියි ..





ඇත්තටම මට කියන්න
මහමෙරක් තරම් බර
ඔළුව උඩ තියාගෙන
ඔහේ සින්දුවක් අහගෙන
මොකක් හරි පිස්සුවක් නටන‍ට
කුරුල්ලෙක් වගේ වේගෙට
ඉගිලෙන්නේ ඔයා කොහොමද ..?

සත්තයි දෙදරනවා පපුව
ඉගිලෙන හැටි දැක්කම
අනේ ඔය හිත‍‍‍ට තියන
කරදර සිහි වෙන කොට
පිච්චිලා යනවා මම
සිය දහස් වාරෙකට
ඒත් දැන් මං මොනවා කරන්නද ..?

අනේ චුට්ටක් ඔය වේගෙවත් අඩුකරන්න ..
මං කියනවට ..


කඳුළු ..






නුඹව සිහිවෙන හැමවෙලාවෙම
කම්මුල් දිගේ පෙරලිලා ගිහින්
බිමට වැටිලා මියැදෙන්න දඟලන
මහා හුඟක් කඳුළු බිංදු ..
හංග ගන්නවා මම හරිම අමාරුවෙන්
නෙත් කෙවෙනි අගිස්සේ පරිස්සමට ..
ඇස් වලින් බිම‍ට වැටෙන හැම කඳුළකින්ම
ඔයාගෙ හිතේ බර තවත් වැඩිවෙන හින්දම ..

ඒත් දොඩමළු වෙන හැම වෙලාවෙම
නිරතුරු බි‍ඳෙන කටහඬට
නෝක්කාඩු නම් එපා පෙම්වත ..
දරාගන්න අමාරුයි හිතට
නිරතුරු නුඹ ලඟ නැති දුක ...



Monday, October 3, 2011

වෙන්න මට සිසිල් සුළඟක් ..






මහා මුරන්ඩු ගස් කොලන්
ආවොත් සැඩ සුළඟක් හයියෙන්
වැටෙනවාමයි බිමට අතු කඩන් ..
ඒත් පුංචි මදනලක්
ආවොත් රැගෙන සිසිලක්
නැලවෙනවා නේද ඒ ගස් කොලන්
හොයාගෙන කොහෙන් හරි තාලයක් ..
ඒ නිසා ගොඩක් දුර ඉඳන්
වෙන්න මට සිසිල් සුළඟක්
රැගෙන එන ආදර මල් සුවඳක් ..
සැනසෙමු අපි මේ ආත්මෙට එයින් ..



සඟවන්න මගේ හිත ..






චණ්ඩ හිරු කිරණ ..
හමන සැඩ මාරුතය ..
මහා මේඝ ගර්ජනා ..
පිනිබර සීත සුළඟ ..
මේ හැමෙකකින්ම
හරි පරිස්සම් වුනා මම
නුඹේ හෙවනැල්ල යට ...
දැන් ඉතින් දුරින් හිඳ
සඟවන්න මගේ හිත
නුඹේ සිත් වියන යට
හැමදාටම ...



Tuesday, September 27, 2011

50වෙනි ලිපිය







ලිව්වා ලිව්වා අපේ ආදරේ ගැන
50ක් වුනා දන්නෙම නැතුව
එපා වෙලාද දන්නෑ කියවන්න
අපභ්‍රංස ආදර කතාව ..
මොනව කරන්නද ඒ වුනාට
ලියනවා දිගටම ඔයා ගැන
ලොකු සතුටක් ඒක මට
වෙන කරන්න දෙයක් නැති තැන ..
මුන ගැහුනා හිත බෙදාගන්න
තව සොඳුරු හිත් සමුදායකුත්
ස්තූතියි හැමෝටම ගොඩවදිනවට
කැමීලියා මල් යායට නිතරම ..




Monday, September 26, 2011

නුඹයි මායි වෙන් වූ දා ...




නුඹයි මායි වෙන් වූ දා
සත්තයි මිය යන්න හිතුන මට …
ගැලුවා කඳුලු වැල් නුඹ නමින්
රිදවමින් මුළු හදවතම ..

දන්නෑ කොහොමද කියා මම
අපේ ආදර හීනයේ මලගම අරගෙන
මුරන්ඩුකමට හිත හදා ගන්න
ඇවිද්දේ දනිස් වෙව්ලන තුරාවට ..

හැඬුවා නිල් අහස් තලයත් එදා
මා එක්ක මගෙ තනියට ..
ගැලුවා මහා ගංවතුර
ගම් නියම් ගම් යට කරගෙන ..

දුටුවා ඒ අතරින් පතර මම
මිය නොයා පන ගැහෙන
නුඹේ ආදරයේ රතු රෝස මල ..
ලං වෙන්න අපිට බැරිවෙන තරමට
නටුව පුරාම ක‍ටු පුරවාගෙන ..







අදයි .. එදයි ..





 
අද …
සඳ නිදිගත් රැයේ
තරුයි මායි දෙතැනක ඇහැරගෙන
ගනිනවා ඇඟිලි
එළිවෙන තුරාවට ..

එදා ...
නුඹයි මායි දෙතැනක නිදිවරාගෙන
එක හිතින් දුටුව
සෙනේබර සිහින
තනියම දකිනු බැරිව ..


Tuesday, September 20, 2011

සදාදර සුපෙම්වත...,







සදාදර සුපෙම්වත...,

කියන් නෑ මම නුඹට කිසිදාක
නුඹ නැතුව මම මෙලොව මියෙන බව..
මේ පුංචි ලෝකයේ යම් තැනක
සිටීනම් තුටින් නුඹ සැමදින
හිනාවෙන්නම් මමත් හිත හදාගෙන..
විස්වාස නෑ සතුටු දැනේවිද වග
මුව පුරා සිනා මල් පිපුනට..
සිහිවෙද්දි නුඹව මගෙ හදවතට
ඉකිබිඳුම් නැගෙයි සිත පුරාවට
රහසේම කිසි කෙනෙක් නොමදැන...

ඒත් සත්තයි..
නුඹ ලඟදි මම වින්ද සෙනේබර නිදහස
දැනෙන් නෑමයි මෙලොව අන් කොතැනක
මගේ සිත්ගත් නුඹේ උණුහුම් පපුතුරේ හැර...



Friday, September 16, 2011

ට්‍රීං ... ට්‍රීං ...



දින දෙකක් නෑ සද්දයක්
වුනා වත්ද කරදරයක්
ඉවසනවා මං හිත හදන්
කතා කරන්න හැමදාමත්
ඔයා මගේම නෙවෙයි කවදාවත්...
ඔන්න අද හිටි ගමන්
උන්නා හද පිරි ආදරෙන්
එවූ කෙටි පණිවිඩ බලමින්
අපි අපේම වෙලා උන්
මතකය අවදි කරමින්...
එහෙම වෙලාවට කවදා වුනත්
මතක් වෙනවාමයි ඔයාට මාවත්
දන්නවා මං ඒ ගැන හොඳින්...

ට්‍රීං.... ට්‍රීං....
ආවා කෙටි පණිවිඩයක්
වෙන කාගෙන්ද ඒ ඔයාගෙන් මිසක්
දරාගන්න බෑ මට මේ දේවල්
ආදරෙයි මං හැමදාමත්......





අනේ දෙයියනේ මට වුන වියෝයා ...





අනේ අප්පුච්චියේ පහුගිය දවසක මට වෙච්චි දෙයක්. කාර්යාල සම්පත් අයථා පරිහරණය නිසා මගේ හෘදය වස්තුව දැඩි සේ කම්පනය වුනා. තව ටිකක් එහෙ මෙහෙ වුනා නම් බේරන්න පුළුවං වෙන්නේ උඩ ඉන්න දෙයියන්ටම තමයි. ඒත් මං කුණාටු මැද්දේ නොසැලෙන ගහක් වගේ ටිකක් විතර සැලි සැලී කෙලින් හිටියා.

මේ දවස් වල අපි හැමෝම ටිකක් විතර බිසී තමයි. ඒත් ඉතින් දෙයියනේ කියලා කැමීලියාගෙ ඔළුව නම් කොයි වෙලෙත් නිදහස්. ඇයි ඉතින් මොන වැඩේ කලත් ඔළුවෙ වෙන මීටර් ගොඩක් තියනවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මල කලබොලේ වැඩ කරන ගමන් ජංජාලේ සින්දුවකුත් බාන්න දාලා තිබුනා. මොන විකාර වැඩ කර කර හිටියත් ඒ හැම දෙයක් එක්කම රාජකාරි වැඩත් දඩ බඩ ගාලා කරන්න මට හොඳට පුළුවං. මට ඔය හැකියාව දීපු කෙනා තමයි අද මට වෙච්ච දේටත් වග කියන්න ඕන.

කොහොම කොහොම හරි අපේ බෑන්ඩ්විඩ්ත් එකට දරා ගන්න අමාරු තඩි මෙමරියක් ඩවුන්ලෝඩ් වෙන නිසා මුළු සිස්ටම් එකම ස්ටක් වෙලාලු. කාටද ඕවා කල්පනා වෙන්නේ හොඳ සින්දුවක් ලැබෙන්න යනකොට. අනික අපි කරන කියන හැමදේම සර්වරයෙන් බලන්න පුළුවං බව දැනගන්න කොට නැව ගොහිං, බඩු මාට්ටු. මක් කොරන්නද ඉතින් කැමීලියා‍ට උවමනාම දේවල් වලට හැර හොර වැඩත් ඒ තරම් බැහැ නොවැ. කො‍හොමත් මේක මම හොර වැඩක් හැටියට සැලකුවෙත් නෑ. ඉතින් චන්ඩියා වගේ හිටියා අතටම මාට්ටු වෙනකම්. අනික වැරැද්ද කරලා පැනලා යන්නෙ මක්කටෙයි. හිතට දිරි අරං මම තමයි කියලා කිව්වා. ඒකට මොකද මට ඇත්තටම බයත් හිතුනා
 
කොහොමහරි ටික වෙලාවකින් වැටලීම් කටයුතු අහවර වෙලා බලනකොට මං විතරක් නෙවෙයි මහ තැන් වල උදවියත් සෑහෙන ප්‍රමාණයක් මාට්ටු. මං ගන්න ගිය සින්දුව ඒ හැටි ලොකු එකකුත් නෙවෙයි. ඒ නිසා පොඩි මිනිහෙක් වෙච්ච මං ටිකක් විතර බේරුනා. කීප දෙනෙක් එකතු වෙලා සින්දු බාන කොට ලෝඩ් එක වැඩියිනේ. ඒ අස්සෙන් වෙන මොකක් හරි ප්‍රශ්නෙකුත් වෙලා කියලත් තේරුනා. කොහොමහරි බලාපොරොත්තු වුන තරම් සුනාමියකට අහු නොවී බේරුනා. මොනා වුනත් මගෙ හිතට හරි නෑ. මොකද කට්ටියගෙ වැඩ ටිකක් පාඩු වුනා මගේ සතුට වෙනුවෙන්. කැමීලියාට ගෙදර කොම්පීතරයක් නෑ නොවැ. ඉතින් මක් කොලත් මේ රාජකාරී වහල යටම තමයි.

දැන් ඉතින් සීමා මායිම් මැද යන්තම් මගේ බ්ලොග් සිඟිත්ත බලලා යන්න විතරක් මේ පැත්තේ එන්න ඕන කියලා මමම හිතා ගත්තා. ඇත්තමයි ජංජාලේ ඉතිහාස වාර්තාව අරං බලනකොට ඒකෙ මගේ බ්ලොගේ නම කී පාරක් තිබුනද. එවෙලෙ නම් මම සීතල වෙලා හිටියේ. ඒත් දෙයියනේ කියලා මුකුත් වුනේ නෑ. ඔය වාර්තාව මකලා දාන්නවත් මට ඕන කමක් තිබුනේ නැහැ නොවැ. නැත්නම් ඉතින් කලින් වැඩිහිටියන්ගේ උපදෙස් අරං මක්ක හරි කරලා තියන්න තිබුනානේ. ඒත් එහෙම කරන්න ඇයි වදේ මං හොර වැඩක්යැ කරන්නේ. අනික ඔය මොක කලත් මගේ බ්ලොගේට වැට බඳින්න ඇහැකි වෙයි මේ උන්දැලට. බලමුකො බලමුකො මොකද වෙන්නේ කියලා.... බැරිම වුනොත් කැෆේ එකක් හරි තියෙයිනේ ඔයාලා බලන්න එන්න. අනාගත ලැප් සිහිනයකට මේ උදවියත් උල් පන්දම් දෙනවද මන්දා. කොහොම වෙතත් හැමදාම මගෙත් එක්ක ඉන්න හො‍ඳේ මගේ හයියට.....