කැමීලියා මල් යාය
මද පවන අරන් එන මල් සුවඳ විඳ ගන්න හිත පිරෙන්න...
Friday, March 16, 2012
පන්නරය..
ගෙවුනු දිනයේ කඳුළු අතරින්
අතීතේ රුදු මතක මැද්දෙන්
ලබාපන් නුඹ තව තවත් පන්නරය
...
එළඹෙන හෙට දවසේ
නැවුම් ලොව පිළිගන්න
හදවතින්ම මුවහත්ව
...
Cameelia
පුන් සඳට..,
පුළුං වලා ගැබට එහා
නොඉඳ සැඟව හැංගි හොරා
විගසින් පායන් පුන් සඳ
තරු කැට ඇත වෙහෙස වෙලා
නුඹ එන මඟ අහුරා උන්
අඳුරු වලා දිය කර දා
...
Cameelia
නිදහස...
අතීතය දැන් ගෙවිලා ගිහින්
..
අනාගතය තව උදාවෙලා නෑ
..
ගෙවුනු අතීතේ මතක සිහි කර කර
අවිනිශ්චිත අනාගතයේ හීන මව මව
වර්තමානය රික්තකයක්ම ලෙස
අතීතෙට එක් වෙන්න ඉඩ දීම
ඇත්තටම අපරාදෙ නේද
..?
'
අද තමයි හොඳම දවස
...'
දන්න අතීතයෙනුත්
නොදන්න අනාගතයෙනුත්
මම නිදහස්
...
Cameelia
Thursday, March 15, 2012
සුදු පුතේ ...
තාරුකා වියන් යට
සඳ කැල්ම ඉහිරිලා
සිනිඳු සළු පොරවගෙන
සුව යහනෙ සැතපිලා
කිරි සිහින අතරමැද
දොයියන්න සුදු පුතේ
...
හෙට දිනට අළුත් හිරු
සිත පුරා පැතුම් ගෙන
සුමුදු මල් ඇහැරවා
පෙරඹරින් නැගෙනා තුරා
...
Cameelia
කඳුළු මැද සිනහවක් ...
කඳුල නුඹ ඇස් කෙවෙනි අගිස්සේ එල්ලෙන
ඉඩනොදී ගලන්නට දෙකම්මුල් තෙමාගෙන
සීරුවට හැංගිලා බලාපන් ලස්සන
හංගගෙන කඳුළු වැල් සිනා මල් පුබුදන
අහිංසක ඇගෙ මුවේ පැහැය දෙස පින්බර
...
Cameelia
Wednesday, January 25, 2012
සිත...
දැවී අළුවී මියෙන බව දැන දැනම
ගින්දරටම ඇදෙන මෙරු රැලක් ලෙස
හදවත රිදෙන බව හොඳහැටි දැනගෙනම
නුඹෙ ආලයම පතනා මගෙ මෝඩ සිත
දැන් දැන් දැවෙනවා පෙර සුපුරුදු ලෙසට
....
කැමීලියා
Tuesday, January 24, 2012
කිමද …...?
බැඳුනොත් නුඹෙ සිත වෙත සිත
නුඹ දුර යන හැම විටකම
තනිපංගලමේ හිඳ මම
වැලපෙමි දස දහසක් වර
...
නොබැඳෙන්නට නුඹෙ සිත වෙත
පිලින දහක් දුන් මගෙ සිත
ආල නුඹේ සිත අභිමුව
දුහුවිල්ලක් වන්නේ කිම …
...?
කැමීලියා
Tuesday, January 10, 2012
සිහිනය ...
අවැසි විට අඬන්නට නුඹ උරය මත
..
නගන්නට මද සිනහ නුඹෙ දෑස් ඉදිරිපිට
..
ලංවෙන්න උණුහුමට නුඹේ ලය මඬලට
..
මුමුනන්න හැමදේම සීරුවෙන් කනට කර
..
නෙතු නොපියා නුඹේ ඇස් දිහා බලාගෙන ඉන්නට
..
නුඹෙ සුසුම් සුවය මැද හදවතේ රාවයට කන්දෙන
..
හදවතට ආදරෙන් උමතු වී ඉගිලෙන්න ඉඩදෙන
..
සුව සිහිනයක් හැබැහින්ම දකින්නට හිතයි මට
..
කැමීලියා
Thursday, December 29, 2011
Happy 2012
ඉතිං යාළුවනේ ඔයාල හැමෝටම සුභම සුභ නව වසරක්
....
හැමෝගෙම හිත් වල හැංගිච්ච හැම ප්‍රාර්ථනාවක්ම හොඳම විදියට ඉෂ්ඨ සිද්ධ වෙලා සතුට මහ හුඟක් ඔයාලගේ හිත් වලට ලැබෙන්න ඕන
...
කලින්ම සුභ පැතුවේ මට ආයි මේ පැත්තේ එන්න වෙන්නේ
2
වෙනිදට නිසා
.
මං කැමීලියා
Monday, December 26, 2011
පින්තූරය ...
පාට පොදක් නැතැයි කියා
නුඹ ගැරහූ පින්තූරය
බිමට වැටී කෑලි කැඩී
වෙන් වෙද්දි නුඹ කොයිබද
..?
අමාරුවෙන් අලවාගෙන
පළුදු කිසිත් ශේෂ නොකර
වෙනකකු සිත රැන්දූ විට
මර නින්දෙන් ඇහැරුනි නුඹ
...
ආයෙත් හිස් පින්තූරය
නුඹ ගෙනිහින් එල්ලුවාට
යටින් නමත් ගහගත්තට
මතකයෙ මෙය රැන්දුව මැන
...
නුඹට නොහැකි සායම් වැඩ
අන් කිසිවෙක් සිදුකලාම
ලෝකෙට ලස්සන වුනාට
නුඹේ හිතට සෑහේවිද
..?
මට මුකුත්ම නැති වුනාට
දේදුන්නෙන් පාට අරං
හැඩ කරනවා පින්තූරය
නුඹෙ දඬුවම තමයි ඒක
..
නුඹෙ සිත් බිත්තියේ මම පාට කරපු පින්තූරය
එල්ලිලා ඔහෙ වැනෙයි නුඹෙ ඇස් ඉස්සරහා
...
කැමීලියා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)