Wednesday, January 30, 2013

සුපෙම්වතුනි..,







නිල් අහසට සඳ වඩින්නේ
සොලොස් කලා පුරමින්
මගේ අහසට නුඹ වැඩියේ
මටත් හොරා රහසින්
කලා නොපිරුවත් මගෙ සිත
නුඹට බැඳුනි දහසින්
සුපෙම්වතුනි.., කිසිම දිනක
බැස නොයන් මසිත අහසින් ....




                                       Cameelia










6 comments:

  1. සදඑළිය වගේ ඇවිදින්
    හද නොපැතු දිනක කිසියම්
    බැස නොයන් මසිත් අහසින්
    අත පොවනු නොහැකි දුරකින්..

    ඒ ගීතය මතක් වුණා.ඒකෙ මුල නම් මතක නැහැ.ඒත් ඒකෙ මැද හරියෙ ඔහොම කියවුණා මතකයි.කවිපද ටික ලස්සනයි.කැමේලියා අක්කා හුග කාලෙකින් නේද මේ....?


    ReplyDelete
  2. ලස්සන සිතුවිල්ලක්. ගැලපිමත් අපුරැයි.

    ReplyDelete
  3. නිල් අහස එළිය කළ නුඹ කොහෙද සඳවතී
    ඝන දුරට පිපුන මල අද කොහිද මිලින වී
    තරු රෑන මැද පිපුන පුරා හඳ නුඹම වී
    සදාකල් රැදෙනු නුඹ නුඹ මගේ පෙම්වතී.. :-D

    ReplyDelete
    Replies
    1. ආසයි සදාකල් නුඹ ලඟ දැවටෙන්න
      අප අතරේ බිඳුවක් දුර නොම වෙන්න
      සිහින දහක් නුඹ තුරුලේ දැක ගන්න
      හැකිවෙද නුඹට පෙම්වත මට ඉඩ දෙන්න...?

      Delete
  4. සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් නව වසරකට සුබ පැතුම්!

    ReplyDelete
  5. ලස්සණ කවි‍ පෙළක්. :)

    ReplyDelete