නිල්
අහසට සඳ වඩින්නේ
සොලොස්
කලා පුරමින්
මගේ
අහසට නුඹ වැඩියේ
මටත්
හොරා රහසින්
කලා
නොපිරුවත් මගෙ සිත
නුඹට
බැඳුනි දහසින්
සුපෙම්වතුනි..,
කිසිම
දිනක
බැස
නොයන් මසිත අහසින් ....
Cameelia

සදඑළිය වගේ ඇවිදින්
ReplyDeleteහද නොපැතු දිනක කිසියම්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්..
ඒ ගීතය මතක් වුණා.ඒකෙ මුල නම් මතක නැහැ.ඒත් ඒකෙ මැද හරියෙ ඔහොම කියවුණා මතකයි.කවිපද ටික ලස්සනයි.කැමේලියා අක්කා හුග කාලෙකින් නේද මේ....?
ලස්සන සිතුවිල්ලක්. ගැලපිමත් අපුරැයි.
ReplyDeleteනිල් අහස එළිය කළ නුඹ කොහෙද සඳවතී
ReplyDeleteඝන දුරට පිපුන මල අද කොහිද මිලින වී
තරු රෑන මැද පිපුන පුරා හඳ නුඹම වී
සදාකල් රැදෙනු නුඹ නුඹ මගේ පෙම්වතී.. :-D
ආසයි සදාකල් නුඹ ලඟ දැවටෙන්න
Deleteඅප අතරේ බිඳුවක් දුර නොම වෙන්න
සිහින දහක් නුඹ තුරුලේ දැක ගන්න
හැකිවෙද නුඹට පෙම්වත මට ඉඩ දෙන්න...?
සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් නව වසරකට සුබ පැතුම්!
ReplyDeleteලස්සණ කවි පෙළක්. :)
ReplyDelete