Thursday, August 25, 2011

දේදුනු මන්දාරම







හීනියට පොද වැටෙන
ලස්සන වැස්ස දවසක
විසල් රුක් ගොමු පාමුල
ඔය පපුවට තුරුල් වෙලා
අපේම හීන ලෝකෙක
දොරටු විවර කරගෙන
ලස්සන ආදර කතා
රහසින් මුමුන මුමුන
අපි ඔහේ ඇවිද ගියා....
වැඩිදුර කිසි දෙයක් නොහිතාන....
කොච්චර ලස්සනද ජීවිතේ....
දැනුනා තුන් හිතටම....
ඒ දේදුනු හීන ගෙනා මන්දාරමට
මං තාමත් ගොඩක් ආදරෙයි ඔයාට වගේම....
අපි අපෙන් දුර ඈතට පියනැගුවාට....



5 comments:

  1. ඒක ලස්සනයි .. ඒත් මම විතරද කියවන්නේ මේවා

    ඔයාගේ බ්ලොග් එකගැන කට්ටිය දැනුවත් වෙලා මදි වගේ නේද

    http://syndi.lankeeya.lk/bloglist මේකට බ්ලොග් එක එකතු කරන්න එතකොට කියවන්නෝ එයි සූ ගාලා

    ReplyDelete
  2. ස්තූතියි. මං මේ කිසිම දෙයක් දැනගෙන කරපු වැඩක් නෙමෙයි මලයො. යන්තම් වැඩ කෑලි හොයා ගෙන ඉදිරියට යන්නේ. ඔන්න මං කියපු වැඩේ කලා. අළුතින් එකතු වෙච්ච list එකට නම වැටුනා. බලමුකො.. කවුරු ආවත් නාවත් මට ඔයාලා කීප දෙනා ගොඩක් වටිනවා සඳරු...

    ReplyDelete
  3. ලාංකීය සිතුවිලි වල, "කැමීලියා" දැකල තමා මාත් මේ පැත්තට ආවෙ...

    සෑහෙන කියවන්න දේවල් තියනව නෙව..

    අනික මට පෙන්නුම් කරන විදියට මේ ඇත්ති වැඩකරන කාර්යාලෙ කතා එහෙමත් එමට ඇති ලියන්න...

    මගෙන් යහමින් කොමෙන්ටු නම් වැටෙන එකක් නැතිවෙයි... ඒත් කියවන්න නම් එනවමයි

    ReplyDelete
  4. හරිම ලස්සනයි අක්කේ.. ඔයාගේ ජීවිතේ නැතිවුන දේකට ඔයා ගොඩාක් ආදරේ කරනවා නේද? මට නම් හිතුනේ එහෙමයි

    ReplyDelete
  5. සුළඟ : ලාංකීය සිතුවිලි වලට මං එකතු වුනේ සඳරු නිසා. එයාව ආදරෙන් මතක් කරනවා මම. රජයේ කාර්යාලයක් කියපු නිසාද කතා ඇති කියලා හිතුවේ..

    ප්‍රාර්ථනා : එක අතකට ඒ ආදරේ මට නැති වුනෙත් නෑ ඒත් අපිට දැන් ලං වෙන්නත් බෑ.. අපි හදවතින් හරි ලඟයි ඒත් සාමාජීය බැඳීම් වලින් ගොඩක් දුරස් වෙලා.

    ReplyDelete