Wednesday, August 10, 2011

සොඳුරු අදහසක්



If I could have just One Wish,

I would wish
to wake up everyday
to the sound of your breath on my neck,
the warmth of your lips on my cheek,
the touch of your fingers on my skin,
and the feel of your heart beating with mine.....

Knowing that I could never find that
feeling with anyone other than YOU.....



එකම එක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවං නම් මට,

මං ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම
හැමදාමත් අවදි වෙන්න ලැබෙන්න
මගේ ගෙලේ වදින ඔබේ සුසුම් වල හඬ‍ට
මගේ වත මඬලට දැනෙන ඔබේ තොල්පෙති වල උණුහුමට
මගේ ගත පුරා දුවන ඔබේ ඇඟිලි තුඩු වල ස්පර්ශයට
මගේ හදවතත් එක්කම ගැහෙන ඔබේ හදවතේ රිද්මයට....

නිහඬවම දැනගෙන
වෙන කවුරුවත් නොවෙන බව,
ඒ මගේ දඟකාර ඔබම බව....


ඇත්තටම ලස්සන අදහසක් නේද? පිරිසිදු ආදරයක සුවඳ විතරම විතරක් දැනෙනවා. මේ වගේ ආදරණීය හීනයක් හදවතින්ම ආදරය කරන කී දාහකගේ හිතේ ඇත්ද?

ඇත්තටම ගැඹුරු ආදරයකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ පුංචිම පුංචි හිත සැනසිල්ලක් විතරක් වුනාට ඒ සැනසිලි දායක හැඟීමෙන් අපේ මුළු ආත්මයම නිවී සැනසෙන බව දැනෙන්නෙත් ගොඩක් සංවේදී හිත් වලට විතරයි
 
Translation එක ටිකක් Romantic වැඩිද මන්දා. සිංහලෙන් ලියද්දි හිතටම දැනෙනවානේ. ඒකයි හො‍ඳේ.

                                                                                                         කැමීලියා

2 comments:

  1. සිංහල ටික විතරයි කියෙවුවේ .. මගේ ඉංගිරීසිය දුරුවලයි

    ReplyDelete
  2. සිංහලෙන් දාන්නත් හිතලා පස්සෙ හම්බ වුන විදියටම දැම්මා. හරි ඔන්න එහෙනම් සිංහලෙනුත් දැම්මා. මගේ Translating නම් හොඳද දන් නෑ.

    ReplyDelete