Monday, August 29, 2011

ප්‍රේමයේ වියරුව






නුඹව හැරගිය නුඹේ පෙම ගැන
ගුණ ගී වයමින්ම නුඹ
ඔහු‍ට පෙම් කර
ඇති තරම් නිගා දී පෙමට
සියළු සිත් සතන් රිදවා හැර
ආයෙත් දුරස් වී ගොස්
අපි ආලෙන් වෙලෙන සඳ
ගලා ගිය විසල් පෙම දැක
ඩැහැ ගත්තේ කිමද මගේ ලෝකය
අමතක වූයේ කෙලෙසද නුඹට
රිදුම් දුන් තරම ඒ හදවතට
ඉතින් හරි යාවිද නුඹට...
ඉතසිතින් මා ඔහුට සුභ පැතුවද
රැකගනින් දැන්වත් මගේ ආලය
නුඹෙ නමට නීතියෙන් පවරගෙන...



8 comments:

  1. ස්තූතියි...
    කලකිරීමෙන් ලියවුනේ.

    ReplyDelete
  2. හරිම අපූරු කවි පෙලක් කැමීලියා.. දුක්බර උනත් සුන්දරයි...

    ReplyDelete
  3. දිග කතාවක් පේලි ගානකට කොට කලා..
    ස්තූතියි දිනේෂ්..
    දැන් ටික ටික ලංකාවට ගිහින් අපිට ගෙනාපුව ලියන්න හොඳේ.

    ReplyDelete
  4. හැමදාම වගේ අක්කගේ කවිය අදත් හරිම ලස්සනයි..

    ReplyDelete
  5. කටුක ඇත්තක් නිසාද මන්දා ලස්සන...?

    ReplyDelete
  6. හ්ම්ම්ම්.. වෙන්නත් පුළුවන්...

    ReplyDelete