Monday, August 1, 2011

මට වගේම ඔබටත් දැනෙනවද..?


 
නිසංසල වටපිටාව
සොඳුරු හුදකලාව
මට ගේන අපෙ මතක
හමාගෙන යන සුළඟ
ඔබටත් ගේනවද..?




සියොතුන්ගෙ කිචිබිචිය
මහ වැස්සේ හෝ හඬ
සවන්පත් වැකෙන විට
මගෙ කතා පෙට්ටිය
ඔබට සිහි වෙනවද..?




මුදු වෙර‍ලෙ සීත රළ
හැපෙන විට නිරතුරුව
සදාකල් ගලා යන
අපේ පෙම සිහිවෙලා
නුඹෙ සිතත් රිදෙනවද..?


 
හිරු එළිය මිහිකත‍ට
අවැසි සේ හැමදාම
නුඹට මම මට නුඹව
අවැසි බව දැනුනාම
අපි කොහොම ඉවසමුද..?


1 comment:

  1. hade gamburuma thenaka
    randunu apa mathakayan
    sith wilama kalamba
    hada susum aula
    neth keweni ma bonda kala

    ReplyDelete