Monday, July 11, 2011

අද දවස



අද මගේ හිතට ගොඩක් වේදනා දවසක්. ඔව් යාළුවනේ අද මට හරි දුකයි.

සාමාන්‍යයෙන් කැමීලියා කියන්නේ යාළුවන්ට කරදරයක් වෙච්ච වෙලාවට වෙන මුකුත් කරන්න බැරිනම් අඩන්න හරි සෙට් වෙන කෙනෙක්. එහෙම දෙයක් වුනොත් මොන වැඩේ හරි පාඩු කරං කොච්චර අපහසුතා මැද්දේ හරි පුළුවං උපරිමය කරනවා එයා.ඒත් අද දවසෙදි ඒ කැමීලියාම එයාට ගොඩක් ලගින් ඉන්න කියලා හිත කියන පිරිසකගෙ කරදරයකදි මහ පුදුමාකාර අසරණ විදියකට අකර්මන්‍ය වෙලා ඉන්නේ. ඇත්තටම ගොඩක් දුකයි.

ඒත් අද මට කරන්න පුළුවං දෙයක් නැති වෙලා ගිහින්. මට අයිතියක් නෑ එයාලගෙම වෙලා ඒ කරදරේට පිහිට වෙන්න ඒත් මං කැමති නෑ නිකම්ම ඉන්න. මේ ලෝකෙ මිනිස්සු හදාගෙන තියන විවිධාකාර නම් තියන සාමාජීය බැඳිම් නිසා මට අද එහෙම ඉන්නත් සිද්ද වෙනවා. එහෙම වුනාම මට ගොඩක් දුකයි. දුරින් ඉඳන් නිසි අවසරයේදි කතා කරලා හොයලා බලන්න විතරම විතරයි මට පුළුවං.

කමක් නෑ මං හිත හදාගෙන ඒක හරි කරනවා. බුදු සාධුට, මම ගොඩක් විශ්වාස කරන විශ්ව ශක්තියට, උදේට දවල්ට හවසට මුස්ලිම් පල්ලියේ යාඥා ඇහෙන වෙලාවට ඒ දෙවියන්ට, උදේට වැඩට එනකොට පහුවෙන පල්ලියේ ඉන්න දේව මෑණියන්ට මම කියනවා හැමවෙලේම මේ ප්‍රශ්න ඉක්මනට විසඳිලා හැමෝගෙම හිතට සහනය දැනෙන්න කියලා. අනේ ඔයාලටත් පුළුවං නම් ඔයාල අදහන ආගමකින් මං වෙනුවෙන් පුංචි ප්‍රාර්තනාවක් කරන්න. යාළුවනේ වෙන කරන්න දෙයක් නැති තැනදි මං කරන මේ දේවල්, ටිකක් හරි වටිනවා නේද කියලා මට කියන්න...?



 

2 comments:

  1. කැමීලියා... ඔයාගේ බ්ලොග් එකට මම අදයි ආවෙ. ලගකදි මගෙ බ්ලොග් එකෙත් පෝස්ට් එකක් දාන්න බැරි උනා. හේතුව මගෙ අන්තර්ජාල සම්බන්ද තාව ක්‍රිය විරහිත කරල තිබුනු නිසා. සිංහ අඩවිය පැත්ත ආවාට ගොඩාක් ස්තුතියි. අද ඉදන් ආයෙමත් සිංහය අඩවියෙ වැඩ පටන් ගන්නව,,,,

    ජය....

    ReplyDelete
  2. Adaraneeya Cameeliya,
    yaluwek wenuwen karanna puluwan uparimen hama dema kalath a yaluwa thamange as pana pitama thamanta ahimi weddi danena wedanawa wachana walata peralanna therenne ne mata.oyata puluwan nam mata kiyala denna

    ReplyDelete