Wednesday, July 6, 2011

මගේ සගයන්ට..,



එකින් එක ගෙන අකුරු
අමුනා පදවැල් ලියන්න
විතරම විතරක් හිතයි මට.. 
 
කැඩී බිඳී ගිය හිත ආපහු අලවගන්න
අපිලිවෙල ජීවිතය පිලිවෙලක් කරගන්න
මතකයෙන් හැඩි වූ මනස එකලසක් කරගන්න
පදවැල් දිගේ ගොහින්වත් නිදහස අරන් එන්න
ඇහැකි වේවිද මට රිදුනු හිත සනසගන්න

සබඳ මා සගයිනි...,
එනවා නේද මගේ සහයට
හෙවනැල්ල ‍වගේ මගේ පසුපස
අනන්තයටම යන්නට..




    
                                                                                             කැමීලියා

4 comments:

  1. රිදුන හිත සනස ගන්න
    කවි වැල් නුඹ අමුනන්න
    අත්වැලක් වී මෙලෙස
    අපි ඉන්නම් නුබේ තනියට...

    ReplyDelete
  2. මගේ තනියට
    රැ‍ඳෙන නුඹ ගැන
    කප්පරක් තුති
    රැඳී ඇත සිත..

    ReplyDelete
  3. පදයෙන් පදය එක්කර
    ඔබ ගොතන්න කවි වැල
    අපි ඉන්නම් ඔබ වට
    පලදන්න මුතු සිනා මල් පට...

    ReplyDelete
  4. මුතු නම් නැතත් කම් නැත
    සිනා පමණක් සෑහේය මට
    ඒ සියල්ලට වැඩිය
    නුඹේ ප්‍රේමය අගනේය..

    ReplyDelete