Friday, June 3, 2011

අපි අපේමයි ...



කප්පරක් කල් ගෙවුනත්
කී වරක් සිත සිතුවත්
මහ මෙරක් සේ සිතුවම්
ඇ‍ඳෙයි සිත් අහසේ
නුඹ ගැනම ...

ලෝකයම මට කීවත්
නුඹ මගේ නොවනා වගක්
ඇයිද නොදැනේ කිසිත්
මගේමයි හැ‍ඟේ
නුඹ තවත් …

මම නුඹට පෙම් කරයි නම්
නුඹද මට පෙම් කරයි නම්
ලෝකය කුමක් කීවත්
හිතින් අපි අපේමයි
හැමදාමත් ...


 

4 comments:

  1. නුඹට මා පෙම්කෙරුවද
    නොදමි නුඹ මට
    පෙම්කරනා බව
    දනිති නුඹ මා නුඹට පෙම්කරනා බව
    පෙමට පෙම නොපෑහුන ද
    නුඹයි මගේ සිහින කුමරිය සැම දා

    හද හද පෑහීම
    නොදමි කෙසේ කෙරුට
    දනිමි මම නුඹට ආදරය කරන වග
    දුරට ගිය නුඹ හද
    නොදමි යලි රුග එන්නට
    හිතින් මා නුඹට ආදරෙයි
    සදා මගේ පණ සේ...


    R.K.

    ReplyDelete
  2. පණ ගැහෙන හැම හිතකම
    ආදරය ගැන කියන්නට
    කඳුලින්ම සිත්තම් අඳින
    සිත්තරෙක් සිටී නේද..?

    ReplyDelete
  3. කඳුලුවලින් වලින් කරන සිත්තම් කඳුලු වියලුනාම ඉවරයි.එත් හදවතේ ලෙයින් අඳින සිත්තම හදවතේ සදාකල් සිත්තමක් ලෙසම පවතිනවා.ලෙයින් අඳින සිත්තම හදවතේ සදාකල් සිත්තමක් ලෙසම පවතිනවා.

    ReplyDelete