දිවි මං තලාවේ
හමු විය යුතුම කල මගහැරී
මුනගැසුනි අප දෙදෙන
ලොවම පැටලුන විටෙක
ලිහාගන්නට ලතවිය
හදවත් ආදරෙන් පුරවාගෙන
එහෙත් ...
පෙර කුසල් මද වූ නිසාදෝ
ප්‍රේමය හදේ ගුලිකරගෙන
දෙතැනක ...
ලොව මැවූ දෙවියන්
ආදරය මැවූ සුරඹුන්
දේවි නම් අප හට තව වරක්
ආදරෙන් එක් වන්නට
හිත හදාගෙන ගෙවමු
මේ ආත්මය
සියළු පව් සේදෙන්නට
නොකැලැල්ව මුනගැසෙන්නට
ලබන හැම ආත්මයකම ...
මෙ කවිය නම් හරියට මටම ලිව්ව වගේ..:o
ReplyDelete