Friday, June 3, 2011

එදා වගේමයි ...










 
ඔයත් ඉන්නවා
මාත් ඉන්නවා
අපි හමුවුන හැම තැනක්මත් තියෙනවා

අපි ඒ පොද වැස්සට ආයි එන්න කියමු
එදා වගේම ...
ගොඩක් තෙමන් නැතුව අපිව
ඒත් සීතල පොද දෙක තුනක් එක්ක
අපි ගෙදර ගියාම ගොරවලා හයියෙන් වහින්න කියමු

රොටිත් හදාගෙන එමු
එදා වගේම ...
උණුවෙන් කෝපි බොමු හෙමින් හෙමින්
බස් එකේ ඔහේ යමු එහෙට මෙහෙට
පන්තිය ගාවදි අමාරුවෙන් අත අතාරිමු හවසට ආයි මුනගැහෙන පොරොන්දුවෙන්

ඉර බහින හැටි බලමු
එදා වගේම ...
හුලඟත් හමයි ඒ විදියටම
ඇවිදගෙන යමු ලස්සන පාරවල් දිගේ
අත් අල්ලගෙන ලඟටම වෙලා ඔහෙ කියව කියව

අන්තිමට බයිසිකලෙන් බස් එක පස්සෙන් එන්න දාල යන්න බැරුව
එදා වගේම ...

හැම දෙයක්ම
හැම තැනක්ම
එදා වගේමයි
තාමත් ...

ඒත් අපි , අපේ වටපිටාව , අපේ බැඳීම්
වෙනස්

අපේ හිත්, අපේ ආදරය , අපේ හැඟීම්
කිසිම වෙනසක් නෑ
එදා වගේමයි ...

2 comments:

  1. "ඒත් අපි , අපේ වටපිටාව , අපේ බැඳීම්
    වෙනස්
    අපේ හිත්, අපේ ආදරය , අපේ හැඟීම්
    කිසිම වෙනසක් නෑ
    එදා වගේමයි ..."
    මගේ හිතට හුගක් දෑනුනා මේ කොටස.මටත් වෙලා තියෙන්නෙ ඔය ටිකමයි.ලස්සනයි.දිගටම ලියන්න.සුබ පෑතුම්.

    ReplyDelete
  2. මේ සේරම පෝස්ට් වලින් ඔයා මගෙ හිතට වැඩිපුරම දැනෙන ගෙවිච්ච අතීතයට comment කරලා ආයිත් මගෙ ඇස් වලට කඳුළු ගෙනාවා හිම හංසි. මොනවා කරන්නද කඳුළු වලින් නම් නිවනක් නෑ කවදාවත්. ඒත් හිතට දිරිය දුන්නා ඔයාගෙ පලවෙනි comment එක. Thanx.

    ReplyDelete