ඉස්සර මට මේ ලොකෙ ඇතුලෙ
මගෙමයි කියල පුංචිම පුංචි
හීන ලෝකයක් තිබුනා
ඔයා මහා ඉර එලියක් වෙලා ආවා මගේ ලෝකෙට ...
ඔයාගේ ආදරෙන් ඒ පුංචි හීන ලෝකය
මහා විශ්වයටත් වඩා ලොකු
හැබෑවක් උනා ඔයාගෙ හිත පාමුල
එයා මහා කුණාටුවක් වෙලා ආවා ඔයාව අරන් යන්න ...
මට මුළු විශ්වයම නැති වුනා වගේ දැනුනා
මගේ හීන ලෝකෙත් ඒ එක්කම මග ඇරුනා
දැන් මට ඉන්න තැනක් නෑ වගේ
ආයිත් ඔයා මහා වැස්සක් වෙලා එන්න විනාඩියකට ...
වැහි බිංදු වලට මුහු කරලා
මගේ පුංචි හීන ලෝකෙවත්
ආපහු මට දීලා යන්න
කවුද අනේ අරයව අරන් ගිය කෙනා? කියන්නකෝ....
ReplyDeleteමම කෙල්ලෙක්. එයා කොල්ලෙක්. ඉතින් එයාව අරං ගියේ තවත් කෙල්ලෙක්. එතනින් එහා මොකටද? ඒ නම මගේ කටින් කියන්න තියා හිතන්නවත් මං කැමති නෑ. තරහක් දැනුනොත් මට පව්. ඒත් මාත් මනුස්සයෙක්නේ.
ReplyDeleteඅපි කැමති අය වෙනෙකුට අයිති වෙනවා.එයාලට අපි කැමති වුනත් එයාලගේ හිතේ ඉන්න කෙනා අපිව කර බැරිනම් අපි කියලා මොනව කරන්න ද? මම මගේ නංගි විදියට මගේ පණ වගේ ආදරය කරන කෙනා එයාව මගේම කරගන්න ගිහින් එයා මගෙන් ඈතටම යන්න ගියා.එයා ආයිත් කවද හරි දවසක මගේ ළඟට එයි.එතකන් මම මග බලාගෙන ඉන්නවා.සැබැ ආදරය අඳුර ගැනීමේ නොහැකියා අද ගොඩක් අයට තියෙනවා.එයා ඔයාව දාලා ගියා නම් එයා ඔයාට ආදරේ නැතුව ඇති නැති නම් ඔයාගෙන් වරදක් වෙන්නැති.කාලය හැම දේම විසඳා වි.එතකන් බලා ඉන්න. ජිවිතේ සාර්ථක කරගන්න.හොදින් ඉන්න. තේ ඉන්න කෙනා අපිව කර බැරිනම් අපි කියලා මොනව කරන්න ද? මම මගේ නංගි විදියට මගේ පණ වගේ ආදරය කරන කෙනා එයාව මගේම කරගන්න ගිහින් එයා මගෙන් ඈතටම යන්න ගියා.එයා ආයිත් කවද හරි දවසක මගේ ළඟට එයි.එතකන් මම මග බලාගෙන ඉන්නවා.සැබැ ආදරය අඳුර ගැනීමේ නොහැකියා අද ගොඩක් අයට තියෙනවා.එයා ඔයාව දාලා ගියා නම් එයා ඔයාට ආදරේ නැතුව ඇති නැති නම් ඔයාගෙන් වරදක් වෙන්නැති.කාලය හැම දේම විසඳා වි.එතකන් බලා ඉන්න. ජිවිතේ සාර්ථක කරගන්න.හොදින් ඉන්න.
ReplyDeleteඒත් අපිට වුනේ ඔය දෙකම නෙවෙයි. එයා මට හිතින් ලං වුනාට එයාට අර කියපු කෙනා අත අරින්න බැරි ප්රශ්නෙකුත් තිබුනා. හැමෝගෙම දුක් කදුළු මැද අපි වෙන් වුනා ඒ දෙන්නා ලං වුනා. කමක් නෑ ලබන ආත්මෙ හරි අපි මුන ගැහෙයි. එතකං එයා සතුටින්ම ඉන්න ඕන. බොහොම ස්තූතියි සහෝදරයා ඔයාට දුක බෙදා ගත්තට..
ReplyDeleteඑය එසේම වේවා.ඇත්තටම ආදරේ කරපු අයට කවදාවත් වරදින්නේ නෑ සහෝදරිය. එය එසේම වේවා.ඇත්තටම ආදරේ කරපු අයට කවදාවත් වරදින්නේ නෑ සහෝදරිය.
ReplyDelete