හිතේ දෝරගලන ආදරයෙන් දෝතම පුරවගෙන
හිරු නැගෙන හිමිදිරි පාන්දර දවසක
හිරු නැගෙන හිමිදිරි පාන්දර දවසක
මේ රතු බිත්ති අතරේ මුනගැහුනා අපි..
ආදරයෙන් එක්වන්නට පැතුම් පතාගෙන..
දෝතින් වෑස්සෙන ආදරය හිතේ තද කරගෙන
හිරු බැහැගෙන යන හැන්දෑ යාමේ දවසක
මේ රතු බිත්ති මැද්දෙදිම වෙන්වුනා අපි..
මතු කිසිදාක ආදරයෙන් වෙන් වෙන්නට නොහිතාන..
අපි දෙතැනක රතු ගඩොල් බිත්ති එතැනම
සියල්ල දරාගෙන නිහඩව..
පුදුමයි නේද හමුවීම වෙන්වීම එකතැන..
ලබන ආත්මෙත් සුපුරුදු බව දැනේවිද
අපේ ආදර තොටුපල අභියස..
තවමත් ඉඳහිට සොයාගෙන ඇදෙන..
කැමීලියා
හරිම ලස්සන කව් පෙලක්...
ReplyDeleteලස්සන කවියක් ..
ReplyDeleteමේ පුංචි රටේ කොතනකදී හෝ ආයෙ හමු වේවි
දිනේෂ් : කවි පෙලක් විතරක්ම නෙවෙයි. සිදුවීම් පෙලක්..
ReplyDeleteගිහින් අහල බලන්න රතු බිත්ති වලින්
ඒවා කියයි අපේ කතාව මටත් වැඩිය හොඳට
හිස් අහස : පුංචි රටේ මේ ආත්මෙ නෙවෙයි ලබන ආත්මෙ මට එයාව මුන ගැහෙන්න පතන්න සඳරු මල්ලි.
හැමෝටම ගොඩක් ස්තූතියි