Tuesday, June 28, 2011

මුන ගැහෙමු අපි ආයෙත් ...





මුන ගැහෙමු අපි ආයෙත්
එකම එක වතාවක්
කියන්න තියෙනවා ගොඩක්
පහුගිය කතාවල්
අහන්න තියෙනවා ගොඩක්
ඔයාගෙ දේවල්

හිතේ දුක්.. වේදනා..
සැනසුම්.. සුසුම්..
බලාපොරොත්තු.. අදහස්..
බෙදාගමු නිහඩවම දෑස් යා කර

ආයිත් Milo එකක් බොමුද
කාලෙකට කලින් ‍වගේ
තවත් නිසංසල තත්පර කීපයක්
ගෙවෙයි ඊ‍ට පස්සේ

ඊටත් පස්සේ
වෙන්වෙන්න මොහොතද?
නෑ.. එහෙම වෙන්න බෑ..

නවත්තමු ඒ නිමේශයෙන්
මේ මුළු මහත් විශ්වයම
තත්පරයක්වත් නොගෙවෙන්න
සදාකාලයෙන් සදාකාලයට...

                                                                                                                         කැමීලියා

2 comments:

  1. මුන ගැහෙමු අපි ආයෙත්
    සමුගැන්ම අමතක කර
    ජීවත් වෙමු ඒ නිමේශය
    ආදරයෙන් වෙනදාට වැඩිය..

    ReplyDelete
  2. එහෙම නිමේෂයක් ගැන හිතද්දිත් හිතට ලෝභයි..

    ReplyDelete