Friday, June 3, 2011

හිතලා බලන්න මේ ගැන ...



















ආත්මාර්ථකාමී කමට එක්කෙනෙකුට දෙන්නෙකුට, තමන්ගේ වටපිටාවට විතරක් නැතුව පරාර්ථකාමී වෙලා ආදරය කරන්න මුළු ලෝකෙටම උදේට පායා ගෙන එන ඉර වගේ. බලන්න ඉර දිහා, හිතන්න ඒ ගැන, ලෝබ නැතුව මුළු ලෝකෙටම ජීවය අරන් මහන්සි නොබලා හැම උදේ පාන්දරකම එන හැටි. මිනිස්සු හැමෝමත් සත්තු හැමෝමත් ඒ උණුහුම බේද නැතුව විඳ ගන්නවා නේද? කෘතඥ වෙන්න ඒ ගැන සොබා දහමට. ඉගෙන ගන්න ඒකෙන් පාඩමක්.

උදේට ඉර පායද්දි, රෑට හඳ පායද්දි, මොර සූරන වැහි වහිද්දි, පාට පාට මල් පිපෙන කොට, නියං සාගත එනකොට, සෘතු මාරු වෙනකොට සොබා දහම මිනිස්සුන්ව වර්ග කරන් නෑ නේද? මහා මැදුරු වල අයටත්, මහ පාරෙ ඉන්න දුගී දුප්පත් අයටත්, සතා සිව්පාවටත් ඒ හැමදේම එකම විදියට ලැබෙනවා නේද? කියවන ඔයාම මේවට උත්තර හිතලා බලන්න. ඉතින් සොබා දහමට නැති භේදයක් අපිට කොහෙත්ම ඕන නෑනේ.

අපේ මොලය කොයි තරම් ලොකුයිද? ගොඩක් මිනිස්සු මැරෙන තුරාවට මොලේ සමහර කොටස් වලින් ප්‍රයෝජන ගන් නැතිලු. ඒත් මොලය‍ට යම් නිශ්චිත ධාරිතාවක් තියෙනවා. ඒක එහෙම වුනාට අපේ හදවතේ ධාරිතාව ගැන මොන පොතකවත් ලියවිලා නෑ නේද? අපේ හිත කියන්නේ මහා විශාල රික්තයක‍ට. ඒ රික්තය ආදරයෙන් පුරව ගන්න එක අපේ වැඩක්. සමහර මිනිස්සු ආදරේ කරන්න ලෝබ වෙන්නෙ හරියට ඒකෙන් තව කෙනෙකුට හිතේ තියෙන ආදරේ අඩු වෙනවා වගේ. ඒත් එහෙම වෙන්නෑ. ඒ නිසා බය වෙන්න එපා. අපේ හිතේ මේ මුළු විශ්වයටම දවසින් දවස වැඩිවෙන විදියට ආදරේ කරන්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි මේ හිත‍ට එක තැනකින් විසබීජයක් දා ගත්තොත්, පරිස්සමින්, ඒක හැමතැනම පැතිරිලා ඔයාගේ හිතේ ඔයා කැමති තැනුත් විනාශ කරාවි හරියට බෝවෙන ලෙඩක් වගේ. ඒ නිසා කිසිම දෙයක් ගැන අහිතකින් වැරදියට හිතන්න එපා. එතකොට අපිට හැමදේම පේන්නේ ඒ විදියට.

ඉතින් හිතට ශක්තිය අරගෙන මේ ලෝකෙ ජීවත් වෙන හැම කෙනෙක්ම වෙනුවෙන් හැම සතෙක්ම වෙනුවෙන් සොබා දහම වෙනුවෙන් ඔයාගෙ හිතේ තැනක් වෙන් කරන්න
අදම. මැරෙන තුරාවට ඒ ඉඩ පුංචි ලමයි බැලුම් පුම්බනවා ‍වගේ පුම්බන්න. ඒත් හුලං වලින් එහෙම නෙවෙයි මුළු ලෝකෙටම සුවඳ පතුරන්න පුළුවං ආදරෙන්. ඒ අතරෙ සමහර බැලුම් ගොඩක් ලොකුවට පිම්බෙයි. ඒකට කමක් නෑ මොකද හැමෝටම ඉඩක් තියෙන එකත් ලොකු දෙයක්නේ. හදවතේ රික්තය ආදරෙන් පිරුනම ජීවත් වෙන එක ලේසියි කියල ඔයාටම හිතෙයි. දිව්‍ය ලෝකෙ යන්න පුළුවං වෙන්නෙ මේ පුංචි ජීවිත කාලෙදි ලොකුම ලොකු හදවතක් හිමි කර ගත්ත කෙනාටලු. ඉතින් අපි හැමෝම එහෙ යන්න උත්සාහ කරමු එකට එකතු වෙලා.






9 comments:

  1. ඔබ කියන දේ සහතික ඇත්ත. ඒත් අපි ආදරය කරන අයගේ ආදරය ලබාගන්න උත්සහ කරනවා.ඒකෙ ඒ හැටි වරදක් දකින්නේ නෑ.

    ReplyDelete
  2. ඒකත් සම්පූර්ණ ඇත්ත. අපි හැමෝම මිනිස්සුනෙ. ඒ නිසා ආදරේට ගොඩක් කැමතියි. අපි හිත් රිද්දගන්නෙත් ඔය තැනදි තමයි. එහෙම නේද?

    ReplyDelete
  3. ඒ ආදරේ බොරුවක් නොවන බව හොඳටම දැන දැනත් ප්‍රතික්ශේප වීම හිත රිදිලා නෙවෙයි රොහල්ගත වෙලයි අවසාන වුනේ.ඒත් එයාට තිබුන ආදරේ එදා තිබුන වගේමයි අදත් හෙටත් හැම දාටමත්.නෙවෙයි රොහල්ගත වෙලයි අවසාන වුනේ.ඒත් එයාට තිබුන ආදරේ එදා තිබුන වගේමයි අදත් හෙටත් හැම දාටමත්.

    ReplyDelete
  4. සමහර දේවල් ලෝකාවසානෙදිත් ඉවර වෙන් නෑ. ආදරෙත් ඒ ‍වගේ නේද?

    ReplyDelete
  5. අදහසට මම එකඟයි. ඒත් මගේ ආගමට අනුව ආදරය(ඒකත් එක් ආකාරයක තණ්හාවක්) සංසාරේ දික් ගස්සන දෙයක්. අපි කෙනෙක්ට මැරීගෙන ආදරය කරලා එයාට ආසාවෙන් මැරුනොත් ඒක ජීවත් වෙලා ඉන්න එයාට හානියක් වෙයි.හදිසියෙන්වත් ඊලඟ ප්‍රතිසන්ධිය පේතෙයෙක්,පිසාචයෙක් වුනොත් මොකද වෙන්නේ. මම හොද සිහියෙන් මැරුනොත් එයාට තියෙනෙ ආසාව නැති කරනවා. ඒක එයාට හොදක් වෙයි. ඒත් මගේ ඊලඟ ප්‍රතිසන්ධිය නරක එකක් වෙන්නේ නෑ. මම වැරදි කරලත් නෑ කරන්නෙත් නෑ කාටවත් වැරදි කරලත් නෑ කරන්නෙත් නෑ.ඒක නිසා මට බයක් නෑ. එයාට කවදත් හොදක් වෙන්න පතනවා. සංසාරේ දික් ගස්සන දෙයක්. අපි කෙනෙක්ට මැරීගෙන ආදරය කරලා එයාට ආසාවෙන් මැරුනොත් ඒක ජීවත් වෙලා ඉන්න එයාට හානියක් වෙයි.හදිසියෙන්වත් ඊලඟ ප්‍රතිසන්ධිය පේතෙයෙක්,පිසාචයෙක් වුනොත් මොකද වෙන්නේ. මම හොද සිහියෙන් මැරුනොත් එයාට තියෙනෙ ආසාව නැති කරනවා. ඒක එයාට හොදක් වෙයි. ඒත් මගේ ඊලඟ ප්‍රතිසන්ධිය නරක එකක් වෙන්නේ නෑ. මම වැරදි කරලත් නෑ කරන්නෙත් නෑ කාටවත් වැරදි කරලත් නෑ කරන්නෙත් නෑ.ඒක නිසා මට බයක් නෑ. එයාට කවදත් හොදක් වෙන්න පතනවා.

    ReplyDelete
  6. ඊළඟ ප්‍රතිසන්ධිය යහපත් වෙලා ඔයාට එයාව ඔයාගෙම වෙලා මුන ගැහෙන්න පතන්නම් සහෝදරයා.

    ReplyDelete
  7. එයාට කලින් මම මැරෙනවා.එයාගේ මරනය මගේ දැහින් බලන්න මට බෑ කොහෙත්ම.මම ඉපදෙන හැම හොද ආත්මෙකම මගේම වෙලා ඉපදෙන්න කියලා පතනවා.එයාගෙ ඒන්ජල්ලා 3 දෙනාගෙනුත් ඉල්ලනවා. ඔයාගේ පැතුමට බොහොම තුති සහෝදරිය.

    ReplyDelete
  8. තුති විතරක් මදි. මටත් ඒ පැතුමම ඹ්න.

    ReplyDelete
  9. හරි හරි. එයත් ඔයාගේම වෙලා ඔයා ඉපදෙන හැම හොඳ ආත්මෙකම ඉපදෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete