Tuesday, June 14, 2011

දේදුනු හීනය

  
පන්හි‍ඳෙන් සිතුවම් කරන්නට හිතයි
අපේ ආදර හීනය...
දේදුන්නෙන්ම පාට ගෙන ආ යුතුයි
සායම් ගන්වන්න...


හැඩතලද නැති රේඛාද නැති
එහෙත්..,
මනරම් හැඟුමින්ම සපිරුනු
දුටුවනම සිත ප්‍රේමයෙන් මුසපත් වන
සිත්තම් කරන්නේ වෙන කොහිද එය මම..
සොඳුර නුඹේ සිත් අහසේම මිසක
පාරමි දම් පිරිය යුතුමය
තවත් ආත්මයක් ලබනා තුරාවට
දෑත් පටලා දෙනෙත් පියවා
සුසුම් හැඟුමන් එකට මුසුකර
විසිකරන්නට අපේ හිනය නීල ආකාසෙට
ලොවම දකින්නට ලොවටම විඳින්නට





අපි ගිමන් හරිමු
පෙම මෝදු වන දෙස බලා...
ආත්මයක් ගෙවා ආ මහන්සිය නිවෙන්නට...
ඉන්පසු විඳිමු ජීවිතය...

2 comments:

  1. හීන හැබෑ වෙනවනම්?

    ReplyDelete
  2. All in one මං හිතන්නේ ඔයා සුපුන්. By the way it's not necessary. සාදරයෙන් පිලි ගන්නවා මගේ මල් යාය‍‍ට. දන්නවද ඔයා තමයි 1st follower. ස්තූතියි දිරිගන්වනවට.

    ReplyDelete