Friday, June 3, 2011

බලා ඉන්නවා මං ...

ගෙවමි මේ ජීවිතේ
සංසාර මාවතේ
එකම එක
සීතලම සීතල
දිගම දිග
වේදනාවෙන් බර
සීත සෘතුවක් යැයි සිතා..

හදේ කැලතෙන
හෙමින් මතුවන
ගැඹුරු
පිවිතුරු
නිකැලැල්
ආදරය
හිමට යට කර පරිස්සමට..

යලිත් මතු කර ගනිමු
මතු ලබන හැම ආත්මයකම
වසන්තයේ
සුවඳ දෙන
සියුමැලි
මලක් සේ
ඉවසමු අපි එදා වෙනකම්..

එනවා නේද ඔයා
බලා ඉන්නවා මං
අත් අල්ලං
හෙමින් හෙමින්
සුසුම් මානයේ
ගොඩක් ආදරෙන්
ඇවිද යන්න සංසාරේ පුරා..


 



1 comment:

  1. "එනවා නේද ඔයා
    බලා ඉන්නවා මං
    අත් අල්ලං
    හෙමින් හෙමින්
    සුසුම් මානයේ
    ගොඩක් ආදරෙන්
    ඇවිද යන්න සංසාරේ පුරා.."

    හරිම ලස්සනට පද ගලපලා.. පුදුම සුන්දරයි... දිගටම ලියන්න....ජය වේවා

    ReplyDelete