Tuesday, January 24, 2012

කිමද …...?









බැඳුනොත් නුඹෙ සිත වෙත සිත
නුඹ දුර යන හැම විටකම
තනිපංගලමේ හිඳ මම
වැලපෙමි දස දහසක් වර ...

නොබැ‍ඳෙන්නට නුඹෙ සිත වෙත
පිලින දහක් දුන් මගෙ සිත
ආල නුඹේ සිත අභිමුව
දුහුවිල්ලක් වන්නේ කිම …...?




                                                කැමීලියා


10 comments:

  1. පුද කල සෙනේ නුඹට මම
    කෙලෙසක විදින්නද දුරක හිඳ
    මතු යම් දිනේ ලං වනා තුරු හඳ
    නුඹ නමින්මයි පෙම් කලේ මගෙ සඳ

    ReplyDelete
    Replies
    1. නුඹේ සඳ වන්න පෙරුමන්
      සදා හදවතින් මං පුරන්නම්
      පායා දිලෙන්නට වරමක්
      නුඹ හදේ මට දෙනවා නම්...

      Delete
    2. නුඹ හද වතේ රැදේනම්
      මා නුඹ නමින් හිදින්නම්
      ලං‍ වෙන්න අප පැතූ පැතුමන්
      කෙලෙස හමුවෙනු අපේ දෙනුවන්...

      Delete
    3. ලංවෙන්න නිරතුරු පතන අපේ පැතුමන්
      දවසින් දවස දුර ඈතටම ඇදේ නම්
      හිඳින්නේ කෙලෙසද සබඳ මම ඉවසන්
      හිත පුරා ගලනා දහසකුත් මේ රිදුමන්..

      Delete
  2. //බැඳුනොත් නුඹෙ සිත වෙත සිත
    නුඹ දුර යන හැම විටකම
    තනිපංගලමේ හිඳ මම
    වැලපෙමි දස දහසක් වර ...//

    හ්ම්ම්ම්ම්ම්ම්.... :( :(

    ReplyDelete
  3. හරිම ලස්සනයි අක්කා.. මම කාලෙකින් ආවේ මේ පැත්තේ,.. හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි කවි ටික

    ReplyDelete