Tuesday, October 4, 2011

අපේ පුංචි කාලය ..


















ගලාගෙන එන හැන්දෑවෙ ඉර එළියත් එක්ක
ගොඩක් මතක් වෙනවා අපේ පුංචි කාලය ..
එකම පාරෙ දෙපැත්තේ ගෙවල් දෙකක ඉඳගෙන
ඇයි අපි මෙච්චර පහුවුනේ ආදරය කරන්න ..?

ඇත්තටම, කිව්වට ඔයා මං ගොඩක් ආඩම්බර බව
මටත් මතකයි තවම හැමදෙයක්ම .. ඔයාට වගේම ..
ලොකු හිනාවක් එක්ක කතා නැතුව බලාගෙන ඉන්න ඔය මූණ ..
සුදු කලිසම ඇඳලා ඉස්කෝලෙ යන හැටි හැමදාම ..
එදා පන්තියේ ලී ගේට්ටුව ගාවදි කතා කරපු හැටි
බෙල්ල ඇල කරගෙන මං දිහා බලාගෙන ..
මැවි මැවී පේනවා මට තුන් තිස් පැයේම ..

ඇයි ඉල්ලුවේ නැත්තේ ඒ දවස්වල මගෙන් ජීවිතය ..
කොහොමද ඔයාට නොහිතුනේ
කරයි කියලා මං ඔයාට මෙච්චර ආදරය ..
ඉවසගන්න බෑ මට මේවා මතක් වෙනකොට ..
ඇයි දෙයියනේ අපිව කෙරුවේ මේ හැටි ප්‍රමාද ..?
යන්න පුළුවං වෙන්නේ කවදද ආයිත් අපට
අත් අල්ලගෙන ඒ නිකැලැල් පුංචි කාලයට ...



9 comments:

  1. ලස්සන අදහසක්...

    ReplyDelete
  2. හිතට ඉවස ගන්න බැරි වෙලාවක කුරුටු ගෑවේ..
    ස්තූතියි.

    ReplyDelete
  3. හරිම ලස්සන පද ටිකක් සහ හිතේ පතුලටම දැනෙන තාලයක්..අවසාන කවියෙ මුල හරිය තව ටිකක් edit වුණා නං උපරිමයි.

    ReplyDelete
  4. ස්තූතියි වර්ෂා.. edit කරන්න පුළුවං කවිය ඒත් වෙච්ච දේවල්..

    ReplyDelete
  5. ඇත්ත අක්කා..I can understand.

    ReplyDelete
  6. කෝ කැමීලියා අක්කේ, කාලෙකින් මුකුත්ම ලියලා නෑනේ...

    ReplyDelete
  7. ඇයි අක්කේ ලියන්නෙ නැත්තෙ.ඔයාව කියවන්න හැමදාම මේ පැත්තෙ එනවා.

    ReplyDelete
  8. http://www.cinelanka.net/

    ReplyDelete
  9. ei oya koheda akke..
    Warsha

    ReplyDelete