Monday, October 3, 2011

වෙන්න මට සිසිල් සුළඟක් ..






මහා මුරන්ඩු ගස් කොලන්
ආවොත් සැඩ සුළඟක් හයියෙන්
වැටෙනවාමයි බිමට අතු කඩන් ..
ඒත් පුංචි මදනලක්
ආවොත් රැගෙන සිසිලක්
නැලවෙනවා නේද ඒ ගස් කොලන්
හොයාගෙන කොහෙන් හරි තාලයක් ..
ඒ නිසා ගොඩක් දුර ඉඳන්
වෙන්න මට සිසිල් සුළඟක්
රැගෙන එන ආදර මල් සුවඳක් ..
සැනසෙමු අපි මේ ආත්මෙට එයින් ..



3 comments:

  1. දැන් හැමදාම මෙව්වා කියන්නේ කාටද අප්පා......

    ජය,,

    ReplyDelete
  2. ලස්සනයි.. කාටද මේ සිසිල් සුළගක්ව එන්න කියන්නේ???

    ReplyDelete
  3. හැමදාමත් මේවා කියන්නේ මගේ ආදරේට. මේ සංසාරෙටම මගේ කවි එයාටයි. කවි හිතක් ඇහැරවන්න හැමෝටම බැහැ නේද? ඒත් එහෙම හිතක් ඇහැරුනොත් විවිධාකාර ස්වරූප වලින් හැමදාම ගලා යනවා මිසක් ආයිත් මියැදෙන් නෑ.

    ගයාන් ඔයා සමහර විට එයාව දන්නවත් ඇති.

    ReplyDelete