හීනියට පොද වැටෙන
ලස්සන වැස්ස දවසක
විසල් රුක් ගොමු පාමුල
ඔය පපුවට තුරුල් වෙලා
අපේම හීන ලෝකෙක
දොරටු විවර කරගෙන
ලස්සන ආදර කතා
රහසින් මුමුන මුමුන
අපි ඔහේ ඇවිද ගියා....
වැඩිදුර කිසි දෙයක් නොහිතාන....
කොච්චර ලස්සනද ජීවිතේ....
දැනුනා තුන් හිතටම....
ඒ දේදුනු හීන ගෙනා මන්දාරමට
මං තාමත් ගොඩක් ආදරෙයි ඔයාට වගේම....
අපි අපෙන් දුර ඈතට පියනැගුවාට....
ඒක ලස්සනයි .. ඒත් මම විතරද කියවන්නේ මේවා
ReplyDeleteඔයාගේ බ්ලොග් එකගැන කට්ටිය දැනුවත් වෙලා මදි වගේ නේද
http://syndi.lankeeya.lk/bloglist මේකට බ්ලොග් එක එකතු කරන්න එතකොට කියවන්නෝ එයි සූ ගාලා
ස්තූතියි. මං මේ කිසිම දෙයක් දැනගෙන කරපු වැඩක් නෙමෙයි මලයො. යන්තම් වැඩ කෑලි හොයා ගෙන ඉදිරියට යන්නේ. ඔන්න මං කියපු වැඩේ කලා. අළුතින් එකතු වෙච්ච list එකට නම වැටුනා. බලමුකො.. කවුරු ආවත් නාවත් මට ඔයාලා කීප දෙනා ගොඩක් වටිනවා සඳරු...
ReplyDeleteලාංකීය සිතුවිලි වල, "කැමීලියා" දැකල තමා මාත් මේ පැත්තට ආවෙ...
ReplyDeleteසෑහෙන කියවන්න දේවල් තියනව නෙව..
අනික මට පෙන්නුම් කරන විදියට මේ ඇත්ති වැඩකරන කාර්යාලෙ කතා එහෙමත් එමට ඇති ලියන්න...
මගෙන් යහමින් කොමෙන්ටු නම් වැටෙන එකක් නැතිවෙයි... ඒත් කියවන්න නම් එනවමයි
හරිම ලස්සනයි අක්කේ.. ඔයාගේ ජීවිතේ නැතිවුන දේකට ඔයා ගොඩාක් ආදරේ කරනවා නේද? මට නම් හිතුනේ එහෙමයි
ReplyDeleteසුළඟ : ලාංකීය සිතුවිලි වලට මං එකතු වුනේ සඳරු නිසා. එයාව ආදරෙන් මතක් කරනවා මම. රජයේ කාර්යාලයක් කියපු නිසාද කතා ඇති කියලා හිතුවේ..
ReplyDeleteප්‍රාර්ථනා : එක අතකට ඒ ආදරේ මට නැති වුනෙත් නෑ ඒත් අපිට දැන් ලං වෙන්නත් බෑ.. අපි හදවතින් හරි ලඟයි ඒත් සාමාජීය බැඳීම් වලින් ගොඩක් දුරස් වෙලා.