මං ඊයේ පොඩි ගමනක් ගියා අනේ. යන්න ඉතින් අදාල පුද්ගලායත් හිටියා නම් ඇත්තටම අපූරුයි. ඒත් ඉතින් මොනව කරන්නද? මනෝ පාර ගහගෙන තනියෙන් ගියා පාඩුවේ..
කොහෙද ගියේ කියලා තාම කිව්වේ නෑනේ.
සීමාවක් නැති අනන්තය හොයා ගෙන අසීමාන්තික ගමනක්.... සීමා නෑ ...
ඔව් අන්න ඒක බලන්න තමයි ගියේ කොළඹ විශ්ව විද්‍යාලයේ New Arts Theatre එකේ. සමහර විට නම නිසා වෙන්න ඇති මං ආස වුනේ. මොකද කැමීලියා කැමති සීමාවල් වලට හිර නොවී අනන්තයටම යන්නනේ...
ප්‍රසංගය ඇත්තටම හොඳයි. කාලෙකට පස්සේ හිත ගිය දෙයක් බැලුවා.ඒ සින්දු සේරම වගේ ගොඩක් ලස්සනයි. මං කොහොමත් ෂෙහාන් කෞශල්‍යගේ සින්දු වලට හරිම කැමතියි. ඒත් එයා ඒ ඔක්කොම කිව්වෙ නම් නෑ. ඔයාලත් ෂෙහාන්ගේ සින්දු අහල ඇති කියලා මං හිතනවා. නැත්නම් අහලා බලන්න. ලෙනින්ග්‍රෑඩයේ ලීෂා... , අප්සරාවී... , ගිම්හාන මල් වරුසාවේ...
ඒත් ඒ ප්‍රසංගය තිබුනේ අභිෂේකා විමලවීර වෙනුවෙන්. එයාගේ "නොනිමි" කියලා නිසදැස් පොතක් එලිදක්වන්න. ඒ වෙනුවෙන් ප්‍රසංගයේදී දෙන්නම සින්දු කිව්වේ. අභීටත් ලස්සනට සින්දු කියන්න පුළුවං, ලියන්නත් පුළුවං. ඉතින් කැමීලියා සතුටින්... කාලෙකට පස්සේ කැමතිම දෙයක් බලපු නිසා. ඒක ඉවර වෙලා ඒ සතුටත් හිතේ පුරවගෙන වැස්සේ තෙමි තෙමි කැම්පස් ග්‍රවුන්ඩ් එක වටේ පාරෙන් පයින් ඇවිත් බස් එකේ ගෙදර ආවා. මගේ බ්ලොග් කියවන දන්නෝ දනිති එහෙම වෙලාවට මගේ හිතට දැනෙන සතුට... ඉතිං තනියෙන් වුනත් ලස්සන දවසක් ගතකලා.
ඒ වගේම අභීටයි ෂෙහාන්ටයි මං හදවතින්ම සුභ පතනවා සීමා නැති... අවසානයක් නැති... අනන්තයටම දිවෙන... හදවතටම දැනෙන... අපූරු නිර්මාණ කරන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා.
සුභ පැතුම් ෂෙහාන්...
සුභ පැතුම් අභී...
මාත් ගියා සීමා නෑ බලන්න,, මම කොළඹ විශ්ව විද්‍යාලෙම ළමයෙක් නිසා සීමාවක් නැතුව නිදහසේ ගිහින් නිදහසේ ප්‍රසංගේ බැලුවා. ඇත්තටම මටත් හිතුනා ඒක ඉවර වෙලා වැස්සේ තෙමි තෙමි ගෙදර යද්දි ,ප්‍රසංගේ බලන්න එයා ආවා නම් හොඳයි කියලා.. :)
ReplyDeleteඇත්තටම ඔව්...
ReplyDeleteඅපි බ්ලොග් එකෙන් මොන තරම් දැනන් උන්නත් මූනට මුන ගැහුනට අඳුනන් නෑනේ. ඒත් අපේ හිත් මොන තරම් සමීපද? මම නම් ඒකට ගියේ English Diploma class එනකොට දැන්වීම දැකලා. අනිත් අයට කම්මැලි කියපු නිසා තනියමම ආවා.
ඒකනේ.. ඇත්තටම බ්ලොග් අවකාශේ තියෙන ගොඩාක් සොඳුරු හිත් ගැහෙන්නේ එකම රටාවකට..
ReplyDeleteඒක නම් ඇත්ත. මටත් ඒක හිතුනා.
ReplyDelete