අනේ ඇත්තටම මේ බ්ලොග් නිර්මාණකරුවන්ට නම් බොහොමත්ම පිං අයිති වෙන්ට ඕන අප්පා. කාටමහරි කියන්න හිතෙන, කියන්න කෙනෙකුත් නැති, කිව්වට පලකුත් නැති ඒත් නොකියා ඉන්න හිතෙන්නෙත් නැති පුංචි පුංචි රස කතා කියන්න මේ වගේ තැනක් නිර්මාණය කලාට. ඒ වගේම මගේ බ්ලොග් එකට ගොඩ වදින, මට සපෝට් එකට අකුරක් දෙකක් හරි කොටලා යන ඔයාල හැමෝවම මට සෑහෙන්න වටිනවා. එහෙම නොකරන අයත් වහාම ක්‍රියාත්මක වෙන පරිදි එහෙම කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඇත්තටම කව්ද කියලා හරිහැටි නොදන්න ඒත් ජීවිතේ විඳ දරා ගන්න අසීරු සිද්ධි වලදි ලඟ ඉන්න අයටත් වඩා හොඳට හදවතටම ලං වෙලා හිත බෙදා ගන්න යාළුවො පිරිසක් ඉන්න එක හරි අපූරු අත්දැකීමක්.
කතා ඇති. මෙන්න පුංචි සිද්ධියක් මගේ හිතට දැනුන.
ඔන්න එකමත් එක රටක කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගොඩක් ආදරෙන් සතුටින් ජීවත් වුනාලු.
…
…
ඔන්න එක දවසක්,
…
…
ඒ කොල්ලා එයාගෙ ආදරේට, ඒ කෙල්ලට මිස් කෝල් ගහනවලු උදේ පාන්දර එක දිගටම. ඕකෙ ඉතින් අමුතු දෙයක් තියේයැ. ආදරේ කරන අය කොහොමත් එහෙමනේ. එහෙම වෙලා විතරක් නතර වුනොත් ඇති. ඒත් මේ දෙන්නාගේ වෙනස දැන් එයාලා ඈත් වෙලා කාලයක් ගිහින් තියන එක.
…
…
…
…
ඉතින් කෙල්ලත් ඉක්මනට ඔපීසියේ ලෑන්ඩ් ලයින් එකකින් කෝල් එකක් දීලා අහලා බැලුවා හදිසියක්ද කියලා. නෑ... හදිසියක් නෙමෙයි ඒත් එයා ටිකක් අසනීපෙන්. කතා කර කර ඉන්න ගමන් කොල්ලා ප්‍රශ්නයක් අහනවලු කෙල්ලට ප්‍රසිද්ධ වේදිකාවෙ උත්තර දෙන්න අමාරු. ඒත් එයාටත් මේ වෙලාවෙම උත්තරෙත් ඕනලු. මක් කරන්නද? කොල්ලගේ හැටි ඔහොමම තමයි හරි මුරන්ඩුයි. කිව්වොත් කිව්වමයි. කෙල්ල කොල්ලට මුකුත් නොකියා හිමින් සීරුවේ අතේ තියන ජංගමයාගෙන් කෙටි පණිවිඩයක් යැව්වලු උත්තරේට. මෙහෙන් Delivered to …... වැටෙන කොටම එයා කියනවා හරි මට උත්තරේ ආවා ගොඩක් පිං කියලා. එයා කොහොමද ඒක දන්නේ..? Message එක කෙල්ලගෙන්මයි කියලා...
…
…
ආදරේ හරිම ප්‍රශ්නාර්තයක් නේද යාළුවනේ...?
…
…
දුක හිතුනා... ඒ ආදරේට සීත සෘතුව උදා වුනාට තාමත් හිම කැට අතරේ මිදිලා යන් නැතුව උණුහුමට තියන එක ගැන.
…
…
…
…
ඒත් මේ ආත්මෙට, සඳ මේ මහ පොලොවට අයිති නෑලු. දුරින් ඉඳන් අහසේ පායන හඳ දිහා බලාගෙන හඳ එලියෙන් සැනසෙන්න විතරයි පුළුවං. ඒත් ඒක මහ පොලොවට හරි අමාරුයිලු. උදව් කරන පුංචි තරු වලට ගොඩක් පිංලු...
…
…
මං ගිහින් එන්නම්...
No comments:
Post a Comment