Monday, May 14, 2012

විගහින් පායන්න සඳවත...








රැය තවම අඳුරුයි මට
තරු පොකුරු පීදුනත්
දස අතේ මහ හුඟක්..
හදවතට වෙහෙසයි වගේ
නිහඬව බලා උන්නත්
නුඹ තවම හැංගී බැවින්..
ඉතිං සඳවත..,
තව අගේ නොකරම
පායන්න දැන් ලොබ හැර
නිහඬ ඝණදුර දුරු කර
නුඹ වඩින තුරා
මගේ සිත නොඉවසිල්ලලෙන්...



                                                                   Cameelia

5 comments:

  1. දාන කොට එකපාර දෙක තුනක් දානවා නේ.. එද දවසක් මිස් උනොත් පෝස්ට් දෙක තුනක් මිස් වෙනවා

    ReplyDelete
  2. හ්ම්... අපි එහෙම තමයි. එතකොට හැමදාම මේ පැත්තේ එනවනේ.

    ReplyDelete
  3. හිත නොවිසිල්ලෙන් හැමදාම තියාගන්න පුළුවන් නම් ජීවිතේ ගොඩක් ලස්සන වෙයි

    ReplyDelete
  4. මගේ සිත් අහසින්
    සඳ කුමරු බැස ගිහින්
    තරු පොකුරු නැගුනත්
    සිත් අහස පුරවන්න
    අමාවකයි මට හැමදා

    ReplyDelete
  5. අක්කගේ කවි හැමදාමත් ලස්සනයි.. මම හරිම ආසයි.. ආදරේ ගැන වුනත් ඔයා ලියන්නේ එක එක විදියට..

    ReplyDelete