Friday, September 16, 2011

ට්‍රීං ... ට්‍රීං ...



දින දෙකක් නෑ සද්දයක්
වුනා වත්ද කරදරයක්
ඉවසනවා මං හිත හදන්
කතා කරන්න හැමදාමත්
ඔයා මගේම නෙවෙයි කවදාවත්...
ඔන්න අද හිටි ගමන්
උන්නා හද පිරි ආදරෙන්
එවූ කෙටි පණිවිඩ බලමින්
අපි අපේම වෙලා උන්
මතකය අවදි කරමින්...
එහෙම වෙලාවට කවදා වුනත්
මතක් වෙනවාමයි ඔයාට මාවත්
දන්නවා මං ඒ ගැන හොඳින්...

ට්‍රීං.... ට්‍රීං....
ආවා කෙටි පණිවිඩයක්
වෙන කාගෙන්ද ඒ ඔයාගෙන් මිසක්
දරාගන්න බෑ මට මේ දේවල්
ආදරෙයි මං හැමදාමත්......





3 comments:

  1. ආදරේ වෙනුවෙන් බලාගෙන ඉන්න එකේ අමුතුම සතුටක් තියෙනවා...

    ReplyDelete
  2. මොනව කියන්නද කියලා ...
    හිතා ගන්නට බැරුවා....

    ජය..

    ReplyDelete
  3. දිනේෂ් : ඇත්තමයි.. ඔයාටයි මටයි දෙන්නටම දෙවිදියකට වුනත් ඒ සතුට මේ මුළු ජීවිත කාලෙම විඳින්න පුළුවං.

    ගයාන් : එහෙම වෙන වෙලාවලුත් තියේ...

    ReplyDelete