Thursday, September 8, 2011

රහසක් නොකල මැන එය...







නුඹ මට ආදරේ තරම
ආදරේ වෙන්න හේතුව
දැනගන්න මම හැර
වගකිව යුත්තෙක් ඉන්නවද වෙන...
නොකියන්නේ මන්ද එය
ජීවිතය ආපසු හරවන්න‍‍ට
තරම් ඔය හේතුව ප්‍රබලද...?
බියවන්න එපා නුඹ
නොයා ඉන්නෑ මම ඉදිරියට...
ඉතින් රහසක් නොකල මැන...
මියෙන්නට හොහොතකටවත් පෙර
දුවගෙන අවුදින් ළගට
විගසින් කොඳුරන්න එය කනට කර
මතු ආත්මයේ සොයා එන්නට...



9 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක්. !!!
    මම් අදමයි මේ බ්ලොග් එක පැත්තේ ආවේ. ආයෙම වෙලාවක එන්නම් !!!!

    ReplyDelete
  2. සාදරයෙන් පිළිගන්නවා. නිවී සැනසිල්ලේ සේරම කියවන්න. එතකොට ගොඩක් දේ වැටහෙයි.

    ReplyDelete
  3. පෙර ආත්මෙත් හමුවෙන්නැති
    ආදරෙන් අපි මෙලෙස
    ඒකයි ආදරේ මම නූඹට
    මේ තරමටම...

    ReplyDelete
  4. පෙර ආත්මයේ හමු වූ විලස
    මතු ආත්මයෙත් හමුවන්නට
    ආදරයෙන් සැනසෙන්නට
    පුරන්න පෙරුමන් සොයුර

    ReplyDelete
  5. තේරුම් ගන්න අමාරු
    නුබේ ආදර කතාව
    වටහා ගන්නට උත්සාහ කරමි
    ඒත්
    තාමත් සිතා ගන්නට නොහැක
    නුබේ ඒ ආදර කතාව..

    වචන ටිකක් ලස්සනට අමුනන්නත් ආවට ගියාට බෑ නොවැ.. ඒ අතින් මට වඩා නුබ ගොඩාක් ඉදිරියෙන්...

    ජය...

    ReplyDelete
  6. ආදරේ කරන්න මගේ ආදරේ මං ලඟ නෑ ගයාන්. එයා අහසේ හඳ වගේ. එළිය දෙනවා ඒත් පොලවට අයිති නෑ හිස් අහසටයි අයිති. ඒ ආදරේ තමයි මං පුළුවං විදියට අකුරෙන් අකුර අමුණන්නේ..

    ReplyDelete
  7. අපොයි... මම දන්නේ නෑ නොවැ ඔහොම දෙයක්.. සමාවෙන්න හොදද.. ඔවා ඔහොම තමයි කැමිලියා... ඒත් හැම දේම වෙන්නේ අපෙ හොදට කියල හිතන්න. මමත් ඔහොම අවුලකට මූන දීලා හිත හදා ගන්න බැරිවයි ඉන්නේ. ඒත් ඉතින් මොනව කියල කරන්නද... හිතන්න එපා. ඒත් මෙහෙම උපදෙසක් දෙන්නම්. තමන්ගේ කරගන්න තාමත් හැකියාව තියෙනවනම්, දැන්ම ගිහින් තමන්ගෙ කරගන්න.. එහෙම බැරිනම් හිත හිතා ඉන්න එපා. එතකොට ඔයාගෙ දුක වැඩි වෙනව විතරයි.. "අත මිට් මොලවන් ඉන්න එපා, එතකොට ඒ මිට මොලව ගත්ත අත ඇතුලේ තිබුන දේ ගිලිහුනොත් අපිට ගොඩාක් දුකයි, ඒ නිස හැම වෙලේම අතේ ඇගිලි දිග ඇරල තියා ගන්න. එතකොට ඔයගේ අතේ ඉතිරි වෙන දේ එහෙමම තියෙද්දි අනික් ඒවා ඔයාගේ අතින් ගිලිහිලා යාවි" ඔහොම කිව්වෙ මගේ සුදු මැනික.. මගෙ හිත හදන්න.. ඒත් අනේ මගෙ හිත කොහොම හදා ගන්නද...

    ජය..

    ReplyDelete
  8. ලස්සනයි අක්කේ.. හරිම ලස්සනයි..

    ReplyDelete
  9. ගයාන්: නෑ දැන් කිසි දෙයක් කරන්න හැකියාවක් නෑ යාළුවා.. ඔයාගේ සුදු මැණිකගේ කතාව ඇත්ත. මං අත මි‍ට මොලවං ඉන් නෑ. ඒත් එයා ගියාට එයාගෙ ආදරේ සුවඳ මාව දාලා යන් නෑ ගයාන්. ඒකට විසඳුමක් දෙන්න පුළුවං කාටද. අපි මේ පෙර භවේක පවක් ගෙවනවද කොහෙද..

    ප්‍රාර්ථනා: ස්තූතියි නංගෝ...

    ReplyDelete