Tuesday, September 27, 2011

50වෙනි ලිපිය







ලිව්වා ලිව්වා අපේ ආදරේ ගැන
50ක් වුනා දන්නෙම නැතුව
එපා වෙලාද දන්නෑ කියවන්න
අපභ්‍රංස ආදර කතාව ..
මොනව කරන්නද ඒ වුනාට
ලියනවා දිගටම ඔයා ගැන
ලොකු සතුටක් ඒක මට
වෙන කරන්න දෙයක් නැති තැන ..
මුන ගැහුනා හිත බෙදාගන්න
තව සොඳුරු හිත් සමුදායකුත්
ස්තූතියි හැමෝටම ගොඩවදිනවට
කැමීලියා මල් යායට නිතරම ..




14 comments:

  1. දිගටම ලියන්න ..!!! සුභ පැතුම්..!!!

    ReplyDelete
  2. සුභ පැතුම් අක්කේ.. තව දිගටම ලියන්න,,,

    ReplyDelete
  3. ඔයාගේ හිතේ දුක යනකන්ම ලියන්න. එහෙම ලියන හැම දේම බලන්න අපි ඉන්නවා අක්කේ, ඔයා ලියන දේවල් කවදාවත් අපිට එපා වෙන්නේ නෑ..

    ReplyDelete
  4. කැමිලියා මල් යායට
    අපි එන්නේ නිතරම
    ආදරණිය කැමිලියාගේ
    ආදර හිත කියවා යන්න...

    දිගටම ලියන්න කැමීලියා.... සුහ පැතුම්.....

    ReplyDelete
  5. සුබ පැතුම් සහෝදරී . අපිට නිතරම අදහස් දෙන්න බැරි වුණත් මේ කවිකාර බ්ලොග් එක කියවීම අපි නතර කරලා නෑ

    ReplyDelete
  6. ස්තූතියි හැමෝටම. ඇත්තටම යාළුවනේ මං දැන් ඔයාලගේ අදහස් එනකම් මඟ බලා ගෙන ඉන්න තරමට මේ යාළුකමට හුරු වෙලා.
    ගොඩක් ස්තූතියි මගේ හිත ලඟින් ඉන්නවට.

    සඳරු ඔයා නිසා මට තව කියවන්නො ටිකක් ලැබුනා. ඒකටත් තුති.

    ReplyDelete
  7. මගේ සුභ පැතුම් සහෝදරී. දිගටම ලියන්න, අපි කියවනවා. ඔයාගේ නිසදැස් ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
  8. ගොඩක් ස්තූතියි කසුන්...

    ReplyDelete
  9. තිබෙන තුරු නුඹෙ දිවිය
    ලියන්න නුඹෙ ආදරේ ගැන
    තිබෙන තුරු අපෙ දිවිය
    හැමදාම එනවා අපි කියවන්න...........

    සුභ පැතුම් යාළුවා.....!!!

    ReplyDelete
  10. ගොඩක්ම ස්තූතියි යාළුවා...

    ReplyDelete
  11. ආදරේ කොහොමද එපා වෙන්නේ?

    ReplyDelete
  12. +1 කතන්දර

    මගෙනුත් සුභපැතුම් කැමීලියා !!!

    ReplyDelete
  13. මං පළවෙනි වතාවට ඔයාව බලන්න ඇවිත් තියෙන්නෙ 50 පිරිච්ච දවසෙනෙ.සුභ පැතුම්..

    ReplyDelete
  14. ස්තූතියි කතන්දර, සුළඟ..

    සාදරයෙන් පිළිගන්නවා වර්ෂා.. ඔයාගෙ නමට මං කැමතියි. වැස්ස හිතට සිසිලක් ගේනවා. දිගටම රැදෙන්න.

    ReplyDelete