නුඹයි මායි වෙන් වූ දා
සත්තයි මිය යන්න හිතුන මට …
ගැලුවා කඳුලු වැල් නුඹ නමින්
රිදවමින් මුළු හදවතම ..
දන්නෑ කොහොමද කියා මම
අපේ ආදර හීනයේ මලගම අරගෙන
මුරන්ඩුකමට හිත හදා ගන්න
ඇවිද්දේ දනිස් වෙව්ලන තුරාවට ..
හැඬුවා නිල් අහස් තලයත් එදා
මා එක්ක මගෙ තනියට ..
ගැලුවා මහා ගංවතුර
ගම් නියම් ගම් යට කරගෙන ..
දුටුවා ඒ අතරින් පතර මම
මිය නොයා පන ගැහෙන
නුඹේ ආදරයේ රතු රෝස මල ..
ලං වෙන්න අපිට බැරිවෙන තරමට
නටුව පුරාම කටු පුරවාගෙන ..
නුඹ මගෙන් වෙන්ව ගිය දින.
ReplyDeleteකදුළු සැලුවා ලොවට රහසෙම
නුඹ දනී නම් මා පෙම් කරපු වග
කෙලෙස නම් වෙන්ව යාවිද
තනිකර දමා අහිංසක සිත..
මුහුදු රල මත
දෙපා තබමින්
නීල දෙනයනෙ රහස් කියමින්
ඇවිත ගිය ඒ ලොවක් සොයමින්
තනිව ඇත මම
නුඹ නොමැති ලොවකින්....
නුඹත් ඇත තනිවෙලා
ReplyDeleteමමත් මෙහෙ තනිවෙලා
ඒත් දුක් නොම වන් සොඳුර
සිතින් අප එක් වූ නිසා..
තනි වෙන්නෙ නම් නෑ කිසිදා
ගතින් වෙන්වී උන්නා කියා
නුඹ මගේ සිහිනේ වෙලා
මගේ සිත ලඟින් ඉන්නා නිසා..
"නුඹයි මායි වෙන් වූ දා
ReplyDeleteසත්තයි මිය යන්න හිතුන මට …"
සත්තයි මටත් හිතුනා...!!!
අපූරු පද ටික...
ආදරේ හුඟක් හිත් වලට දැනෙන්නේ එකම විදියට නේද හිතුවක්කාරියේ..
ReplyDelete