ලිව්වා ලිව්වා අපේ ආදරේ ගැන
50ක් වුනා දන්නෙම නැතුව
එපා වෙලාද දන්නෑ කියවන්න
අපභ්‍රංස ආදර කතාව ..
මොනව කරන්නද ඒ වුනාට
ලියනවා දිගටම ඔයා ගැන
ලොකු සතුටක් ඒක මට
වෙන කරන්න දෙයක් නැති තැන ..
මුන ගැහුනා හිත බෙදාගන්න
තව සොඳුරු හිත් සමුදායකුත්
ස්තූතියි හැමෝටම ගොඩවදිනවට
කැමීලියා මල් යායට නිතරම ..
දිගටම ලියන්න ..!!! සුභ පැතුම්..!!!
ReplyDeleteසුභ පැතුම් අක්කේ.. තව දිගටම ලියන්න,,,
ReplyDeleteඔයාගේ හිතේ දුක යනකන්ම ලියන්න. එහෙම ලියන හැම දේම බලන්න අපි ඉන්නවා අක්කේ, ඔයා ලියන දේවල් කවදාවත් අපිට එපා වෙන්නේ නෑ..
ReplyDeleteකැමිලියා මල් යායට
ReplyDeleteඅපි එන්නේ නිතරම
ආදරණිය කැමිලියාගේ
ආදර හිත කියවා යන්න...
දිගටම ලියන්න කැමීලියා.... සුහ පැතුම්.....
සුබ පැතුම් සහෝදරී . අපිට නිතරම අදහස් දෙන්න බැරි වුණත් මේ කවිකාර බ්ලොග් එක කියවීම අපි නතර කරලා නෑ
ReplyDeleteස්තූතියි හැමෝටම. ඇත්තටම යාළුවනේ මං දැන් ඔයාලගේ අදහස් එනකම් මඟ බලා ගෙන ඉන්න තරමට මේ යාළුකමට හුරු වෙලා.
ReplyDeleteගොඩක් ස්තූතියි මගේ හිත ලඟින් ඉන්නවට.
සඳරු ඔයා නිසා මට තව කියවන්නො ටිකක් ලැබුනා. ඒකටත් තුති.
මගේ සුභ පැතුම් සහෝදරී. දිගටම ලියන්න, අපි කියවනවා. ඔයාගේ නිසදැස් ඇත්තටම ලස්සනයි.
ReplyDeleteගොඩක් ස්තූතියි කසුන්...
ReplyDeleteතිබෙන තුරු නුඹෙ දිවිය
ReplyDeleteලියන්න නුඹෙ ආදරේ ගැන
තිබෙන තුරු අපෙ දිවිය
හැමදාම එනවා අපි කියවන්න...........
සුභ පැතුම් යාළුවා.....!!!
ගොඩක්ම ස්තූතියි යාළුවා...
ReplyDeleteආදරේ කොහොමද එපා වෙන්නේ?
ReplyDelete+1 කතන්දර
ReplyDeleteමගෙනුත් සුභපැතුම් කැමීලියා !!!
මං පළවෙනි වතාවට ඔයාව බලන්න ඇවිත් තියෙන්නෙ 50 පිරිච්ච දවසෙනෙ.සුභ පැතුම්..
ReplyDeleteස්තූතියි කතන්දර, සුළඟ..
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා වර්ෂා.. ඔයාගෙ නමට මං කැමතියි. වැස්ස හිතට සිසිලක් ගේනවා. දිගටම රැදෙන්න.