පාට පොදක් නැතැයි කියා
නුඹ ගැරහූ පින්තූරය
බිමට වැටී කෑලි කැඩී
වෙන් වෙද්දි නුඹ කොයිබද ..?
අමාරුවෙන් අලවාගෙන
පළුදු කිසිත් ශේෂ නොකර
වෙනකකු සිත රැන්දූ විට
මර නින්දෙන් ඇහැරුනි නුඹ ...
ආයෙත් හිස් පින්තූරය
නුඹ ගෙනිහින් එල්ලුවාට
යටින් නමත් ගහගත්තට
මතකයෙ මෙය රැන්දුව මැන ...
නුඹට නොහැකි සායම් වැඩ
අන් කිසිවෙක් සිදුකලාම
ලෝකෙට ලස්සන වුනාට
නුඹේ හිතට සෑහේවිද ..?
මට මුකුත්ම නැති වුනාට
දේදුන්නෙන් පාට අරං
හැඩ කරනවා පින්තූරය
නුඹෙ දඬුවම තමයි ඒක ..
නුඹෙ සිත් බිත්තියේ මම පාට කරපු පින්තූරය
එල්ලිලා ඔහෙ වැනෙයි නුඹෙ ඇස් ඉස්සරහා ...
කැමීලියා
අහම්බෙන් දැකල ආවේ,
ReplyDeleteමෙන්න ඔබ ගැන
කියවන්න...http://myideasgordoniaceylanica.blogspot.com/2011/12/blog-post_12.html
den mage blog eka nehe.eeth man hemadama oyage blog ekata evith yanava.
ReplyDeletelassanai kaviya..
Warsha.