ගලාගෙන එන හැන්දෑවෙ ඉර එළියත් එක්ක
ගොඩක් මතක් වෙනවා අපේ පුංචි කාලය ..
එකම පාරෙ දෙපැත්තේ ගෙවල් දෙකක ඉඳගෙන
ඇයි අපි මෙච්චර පහුවුනේ ආදරය කරන්න ..?
ඇත්තටම, කිව්වට ඔයා මං ගොඩක් ආඩම්බර බව
මටත් මතකයි තවම හැමදෙයක්ම .. ඔයාට වගේම ..
ලොකු හිනාවක් එක්ක කතා නැතුව බලාගෙන ඉන්න ඔය මූණ ..
සුදු කලිසම ඇඳලා ඉස්කෝලෙ යන හැටි හැමදාම ..
එදා පන්තියේ ලී ගේට්ටුව ගාවදි කතා කරපු හැටි
බෙල්ල ඇල කරගෙන මං දිහා බලාගෙන ..
මැවි මැවී පේනවා මට තුන් තිස් පැයේම ..
ඇයි ඉල්ලුවේ නැත්තේ ඒ දවස්වල මගෙන් ජීවිතය ..
කොහොමද ඔයාට නොහිතුනේ
කරයි කියලා මං ඔයාට මෙච්චර ආදරය ..
ඉවසගන්න බෑ මට මේවා මතක් වෙනකොට ..
ඇයි දෙයියනේ අපිව කෙරුවේ මේ හැටි ප්‍රමාද ..?
යන්න පුළුවං වෙන්නේ කවදද ආයිත් අපට
අත් අල්ලගෙන ඒ නිකැලැල් පුංචි කාලයට ...