Friday, July 13, 2012


බටලී වයන්නෙනි නුඹටයි මේ වදන් ...





නූල් ඇදුනු කමිසයක් ඇඳගෙන
අත් දෙකට මැදිච්ච බඩ වියත රැකදෙන
වටිනාම වස්තුව බටනලාව දෑතින් අරගෙන
උදේ පාන්දර නුඹ බසයට ගොඩ වෙනකොට
ඇත්තටම හදවතින් සතුටු වෙනවා මම
දවසම හිත සනසන අපූරු නිවිච්ච සංගීතය
අපට තිළින කරලා වැඩිමනත් මුකුත් නොකියා
ලැබෙන ගාන එකතු කරන් නුඹ බැහැලා යන්නේ
පුංචි දරු පැටව් ටිකකගේ කුසගින්න
නිවන්න බව මුහුනෙන්ම පේනවා මට...
අතට එකතු වෙන සල්ලි ටිකට අමතරව
අපේ ඇස් වලට එකතු වෙන පුංචි කඳුළු කැට,
නුඹේ වාදනේ අහලා කලබල හිත් වලට දැනෙන සැනසිල්ල
නුඹටයි නුඹේ දරු පැටවුන්ටයි
ආශිර්වාදයක්ම වෙන්න ඕන ...




                                    Cameelia


Wednesday, July 11, 2012

නොහැක මා හට ...








පලක් වෙද ලං වෙන්න බැරි ලෙස
සිව් දිගම කොටු පවුරු බැඳගත්
නුඹේ ඇරයුම් ආදරේ ...
ලංව ඉන්නට නොහැක මා හට
නුඹේ සෙවනැල්ල අභියස
ඉතින් කිසිදා ජීවිතේ ...



                                    Cameelia