රැය
තවම අඳුරුයි මට
තරු
පොකුරු පීදුනත්
දස
අතේ මහ හුඟක්..
හදවතට
වෙහෙසයි වගේ
නිහඬව
බලා උන්නත්
නුඹ
තවම හැංගී බැවින්..
ඉතිං
සඳවත..,
තව
අගේ නොකරම
පායන්න
දැන් ලොබ හැර
නිහඬ
ඝණදුර දුරු කර
නුඹ
වඩින තුරා
මගේ
සිත නොඉවසිල්ලලෙන්...