Wednesday, April 25, 2012

දයාබර සරත් අයියාට,









මේඝ ගර්ජනා වැසි වට අඳුරු දිනක
කඳුළු වගුරවා හදවත් සුනු විසුනු කර
කිමද හැරයන්ට සිතුනේ අපෙ ලෙන්ගතුකම මදිවාද නුඹට..?
මින් මතු තබන පියවර ගානේ සිරිපාද හිමයට
සිහිවේවි නිරතුරුවම නුඹෙ උදව් කරුනා කරන්නට..
ලෝභයි පතන්න‍ට නුඹ හට නිවන් සුව
යළිඳු මුන නොගැහේවි සිතනා විට සසර ඉම..
දිරා ගියත් නුඹ දෙන මහ පොලොව යට
හදේ කොනක් සදහට වෙන්වී ඇත නුඹෙ මතකයට..
මතු යම් දිනක සිරී පතුල් නමදින්නට පෙරාතුව
එනවා සොයුර නුඹෙ දෙපතුල් වැදලා කලගුණ දෙන්ට..
නුඹ වන් පුතෙක්, සොයුරෙක්, මිතුරෙක්, මිනිසෙක් වෙන්වීම
මෙලොව ඉතිරි වූ අපගේ පව් පලදීමක්ය..
මිහිකුස සුවෙන් නිදනා අයියේ පෙර සුපුරුදු ලෙසට
පඩියක් පඩියක් ගානේ මළුවට යන තුරාවට
දෙවියෙක් වෙලා වත් වඩින්න අපෙ තනි නොතනියට..
සිරිපා බිමේ දෙවියෙක් වී වැඩ ඉන්ට
නුඹ කල පින් කන්ද ඕනාටත් වැඩිය...

ඉතිං පතන්නම් නුඹ හට අමා මහ නිවන් සුව....




.ලි. : 2012.04.18 දින බීමත් රියදුරු යක්ෂයකු නිසා අවසන් ගමන් ගිය අප මිතුරු එරත්නේ සරත් අයියා වෙනුවෙනි. අනතුරට පත් ප්‍රියංකා සොයුරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු