Tuesday, March 20, 2012

මිරිඟුවක්ද...?






ආදරය...
ඇත්තටම මිරිඟුවක්...
පිපාසාවෙන් මිය යන්නට ලංව
දුර පෙනෙන දිය බිඳක් දෙස බලාන
අමාරුවෙන් ඇදි ඇදී ලංවෙන විට
කිසිවක්ම මුන නොගැ‍සෙන...
හදවත කීරි ගස්සන හුදකලාවම හැර...


                                                  Cameelia

අවසරද මට...






අහසට වැඩියි මේ බර
බොහොමත්ම...
සිව්දිගම අඳුරු කරගෙන
රිදී රේඛා මේඝ ඇතිකර
තුරු මුදුන් තණපත්ද පිසගෙන
පලා පැහැ කෙත් අස්වද්ද ගෙන
මිහිතලය වැලඳ ගැන්මට
ඉතිං අවසරද මට....,
මුතු වැස්සක්ව ඇද හැලෙන්නට....



                                             Cameelia

හිත නිදහසේ...





දෑඟිලි විදා නුඹ නිදහස් කර හැරියද
මටත් නොදැනීම අපේ හීන පොකුර
මිටි කරගෙන උන්නා මම මෙතෙක් කාලෙකට
හරිම වෙහෙසයි මට....
ටිකෙන් ටික ඇඟිලි දිග හැර
එකින් එක සිහින පා කර
හෑල්ලු කලා මම හදවතේ බර...
ඉතිං....
දැනෙනවා මට ලොකු වෙනසක්...
වෙලාවකට මහා නිදහසක්...
වෙලාවකට දරුණු හුදකලාවක්...
බලා ඉන්නවා මං.......
මගෙ නමට ලියවුන එකම එක සිහිනයක්
කවදාහරි හදවතේ ලැගුම් ගන්නා තෙක්
කිසිදා බිඳී දුරස් නොවන අයුරින්...



                                          Cameelia

සදාකාලිකයි...






ආලය නැගෙන්නේ හදවත් පතුලෙන් නම්..
රැඟුම් රඟන්නේ දිවියේ සදහට නම්..
එක්වූ දෙඅත් කිසිදා වෙන් නොම වේ නම්..
සැමදා මේ සතුට මේ ලෙස වැඩිවේ නම්..
සඳ හැංගුන රෑ යාමේ වුවද
තරු කැ‍ට අඳුර මකා දේවි..
පිවිතුරු ආදරයට දොර ගලගෙන යන්නට
සාක්කි දේවි මුළු ලොවටම..
ආදරය සදාකාලික බැදීමක් බවට...



                                                     Cameelia

අතීතේ...





අතිනත ගෙන ආදරයෙන් ලංව
කනට කර පෙම්බස් මිමිනූ
පෙම්වකුන් අද කොහි ගොසින්ද..?
නුඹ කොතෙක් විමසුවද
උන් උනුන්ගෙන් බොහෝ දුර ගිහින් අද..
නැවත එකට එක්ව වාඩිගනු නොහැකි තරමට..
ඉඳහිටක වෙන් වෙන්ව පැමිණ
නුඹ හා එක්ව මතකයේ සැරිසරන කල
සිහිකර දියන් බංකුව
උන් ගෙවූ අතීතෙක ලස්සන....


                                                       Cameelia

Friday, March 16, 2012

නමක් නෑ ...











ආත්මයේ සිරගත බව
ආත්මයේ නිවහල් බව
එකම කාසියේ දෙපැත්ත වගේ...
හිතක් ඇතුලේ ආත්මය සිරගත වූ වෙලාවට
නිහඬව හොඳින් සැරිසරලා බලන්න
ඒ හිත ඇතුලෙන්ම නිවහල් බවත්
ඔබට මුන ගැහේවි...
නිදහස් ආත්මයකින්
හදවතක සිරගත වන්න
නුඹේ ලොවට හිරු පායවී...
                                                    









                                                                                                                                                                                                             Cameelia

පන්නරය..








ගෙවුනු දිනයේ කඳුළු අතරින්
අතීතේ රුදු මතක මැද්දෙන්
ලබාපන් නුඹ තව තවත් පන්නරය...
එළඹෙන හෙට දවසේ
නැවුම් ලොව පිළිගන්න
හදවතින්ම මුවහත්ව...

                       
                                                   Cameelia

පුන් සඳට..,






පුළුං වලා ගැබට එහා
නොඉඳ සැඟව හැංගි හොරා
විගසින් පායන් පුන් සඳ
තරු කැට ඇත වෙහෙස වෙලා
නුඹ එන මඟ අහුරා උන්
අඳුරු වලා දිය කර දා...


                                                 Cameelia

 

නිදහස...









අතීතය දැන් ගෙවිලා ගිහින් ..
අනාගතය තව උදාවෙලා නෑ ..
ගෙවුනු අතීතේ මතක සිහි කර කර
අවිනිශ්චිත අනාගතයේ හීන මව මව
වර්තමානය රික්තකයක්ම ලෙස
අතීතෙට එක් වෙන්න ඉඩ දීම
ඇත්තටම අපරාදෙ නේද..?
'අද තමයි හොඳම දවස...'
දන්න අතීතයෙනුත්
නොදන්න අනාගතයෙනුත්
මම නිදහස් ...


                                                  Cameelia


Thursday, March 15, 2012

සුදු පුතේ ...







තාරුකා වියන් යට
සඳ කැල්ම ඉහිරිලා
සිනිඳු සළු පොරවගෙන
සුව යහනෙ සැතපිලා
කිරි සිහින අතරමැද
දොයියන්න සුදු පුතේ ...
හෙට දිනට අළුත් හිරු
සිත පුරා පැතුම් ගෙන
සුමුදු මල් ඇහැරවා
පෙරඹරින් නැගෙනා තුරා...


                                     Cameelia
 

කඳුළු මැද සිනහවක් ...










කඳුල නුඹ ඇස් කෙවෙනි අගිස්සේ එල්ලෙන
ඉඩනොදී ගලන්නට දෙකම්මුල් තෙමාගෙන
සීරුවට හැංගිලා බලාපන් ලස්සන
හංගගෙන කඳුළු වැල් සිනා මල් පුබුදන
අහිංසක ඇගෙ මුවේ පැහැය දෙස පින්බර...


                                                              Cameelia