Tuesday, October 4, 2011

අපේ පුංචි කාලය ..


















ගලාගෙන එන හැන්දෑවෙ ඉර එළියත් එක්ක
ගොඩක් මතක් වෙනවා අපේ පුංචි කාලය ..
එකම පාරෙ දෙපැත්තේ ගෙවල් දෙකක ඉඳගෙන
ඇයි අපි මෙච්චර පහුවුනේ ආදරය කරන්න ..?

ඇත්තටම, කිව්වට ඔයා මං ගොඩක් ආඩම්බර බව
මටත් මතකයි තවම හැමදෙයක්ම .. ඔයාට වගේම ..
ලොකු හිනාවක් එක්ක කතා නැතුව බලාගෙන ඉන්න ඔය මූණ ..
සුදු කලිසම ඇඳලා ඉස්කෝලෙ යන හැටි හැමදාම ..
එදා පන්තියේ ලී ගේට්ටුව ගාවදි කතා කරපු හැටි
බෙල්ල ඇල කරගෙන මං දිහා බලාගෙන ..
මැවි මැවී පේනවා මට තුන් තිස් පැයේම ..

ඇයි ඉල්ලුවේ නැත්තේ ඒ දවස්වල මගෙන් ජීවිතය ..
කොහොමද ඔයාට නොහිතුනේ
කරයි කියලා මං ඔයාට මෙච්චර ආදරය ..
ඉවසගන්න බෑ මට මේවා මතක් වෙනකොට ..
ඇයි දෙයියනේ අපිව කෙරුවේ මේ හැටි ප්‍රමාද ..?
යන්න පුළුවං වෙන්නේ කවදද ආයිත් අපට
අත් අල්ලගෙන ඒ නිකැලැල් පුංචි කාලයට ...



වේගෙ වැඩියි ..





ඇත්තටම මට කියන්න
මහමෙරක් තරම් බර
ඔළුව උඩ තියාගෙන
ඔහේ සින්දුවක් අහගෙන
මොකක් හරි පිස්සුවක් නටන‍ට
කුරුල්ලෙක් වගේ වේගෙට
ඉගිලෙන්නේ ඔයා කොහොමද ..?

සත්තයි දෙදරනවා පපුව
ඉගිලෙන හැටි දැක්කම
අනේ ඔය හිත‍‍‍ට තියන
කරදර සිහි වෙන කොට
පිච්චිලා යනවා මම
සිය දහස් වාරෙකට
ඒත් දැන් මං මොනවා කරන්නද ..?

අනේ චුට්ටක් ඔය වේගෙවත් අඩුකරන්න ..
මං කියනවට ..


කඳුළු ..






නුඹව සිහිවෙන හැමවෙලාවෙම
කම්මුල් දිගේ පෙරලිලා ගිහින්
බිමට වැටිලා මියැදෙන්න දඟලන
මහා හුඟක් කඳුළු බිංදු ..
හංග ගන්නවා මම හරිම අමාරුවෙන්
නෙත් කෙවෙනි අගිස්සේ පරිස්සමට ..
ඇස් වලින් බිම‍ට වැටෙන හැම කඳුළකින්ම
ඔයාගෙ හිතේ බර තවත් වැඩිවෙන හින්දම ..

ඒත් දොඩමළු වෙන හැම වෙලාවෙම
නිරතුරු බි‍ඳෙන කටහඬට
නෝක්කාඩු නම් එපා පෙම්වත ..
දරාගන්න අමාරුයි හිතට
නිරතුරු නුඹ ලඟ නැති දුක ...



Monday, October 3, 2011

වෙන්න මට සිසිල් සුළඟක් ..






මහා මුරන්ඩු ගස් කොලන්
ආවොත් සැඩ සුළඟක් හයියෙන්
වැටෙනවාමයි බිමට අතු කඩන් ..
ඒත් පුංචි මදනලක්
ආවොත් රැගෙන සිසිලක්
නැලවෙනවා නේද ඒ ගස් කොලන්
හොයාගෙන කොහෙන් හරි තාලයක් ..
ඒ නිසා ගොඩක් දුර ඉඳන්
වෙන්න මට සිසිල් සුළඟක්
රැගෙන එන ආදර මල් සුවඳක් ..
සැනසෙමු අපි මේ ආත්මෙට එයින් ..



සඟවන්න මගේ හිත ..






චණ්ඩ හිරු කිරණ ..
හමන සැඩ මාරුතය ..
මහා මේඝ ගර්ජනා ..
පිනිබර සීත සුළඟ ..
මේ හැමෙකකින්ම
හරි පරිස්සම් වුනා මම
නුඹේ හෙවනැල්ල යට ...
දැන් ඉතින් දුරින් හිඳ
සඟවන්න මගේ හිත
නුඹේ සිත් වියන යට
හැමදාටම ...