Tuesday, September 27, 2011

50වෙනි ලිපිය







ලිව්වා ලිව්වා අපේ ආදරේ ගැන
50ක් වුනා දන්නෙම නැතුව
එපා වෙලාද දන්නෑ කියවන්න
අපභ්‍රංස ආදර කතාව ..
මොනව කරන්නද ඒ වුනාට
ලියනවා දිගටම ඔයා ගැන
ලොකු සතුටක් ඒක මට
වෙන කරන්න දෙයක් නැති තැන ..
මුන ගැහුනා හිත බෙදාගන්න
තව සොඳුරු හිත් සමුදායකුත්
ස්තූතියි හැමෝටම ගොඩවදිනවට
කැමීලියා මල් යායට නිතරම ..




Monday, September 26, 2011

නුඹයි මායි වෙන් වූ දා ...




නුඹයි මායි වෙන් වූ දා
සත්තයි මිය යන්න හිතුන මට …
ගැලුවා කඳුලු වැල් නුඹ නමින්
රිදවමින් මුළු හදවතම ..

දන්නෑ කොහොමද කියා මම
අපේ ආදර හීනයේ මලගම අරගෙන
මුරන්ඩුකමට හිත හදා ගන්න
ඇවිද්දේ දනිස් වෙව්ලන තුරාවට ..

හැඬුවා නිල් අහස් තලයත් එදා
මා එක්ක මගෙ තනියට ..
ගැලුවා මහා ගංවතුර
ගම් නියම් ගම් යට කරගෙන ..

දුටුවා ඒ අතරින් පතර මම
මිය නොයා පන ගැහෙන
නුඹේ ආදරයේ රතු රෝස මල ..
ලං වෙන්න අපිට බැරිවෙන තරමට
නටුව පුරාම ක‍ටු පුරවාගෙන ..







අදයි .. එදයි ..





 
අද …
සඳ නිදිගත් රැයේ
තරුයි මායි දෙතැනක ඇහැරගෙන
ගනිනවා ඇඟිලි
එළිවෙන තුරාවට ..

එදා ...
නුඹයි මායි දෙතැනක නිදිවරාගෙන
එක හිතින් දුටුව
සෙනේබර සිහින
තනියම දකිනු බැරිව ..


Tuesday, September 20, 2011

සදාදර සුපෙම්වත...,







සදාදර සුපෙම්වත...,

කියන් නෑ මම නුඹට කිසිදාක
නුඹ නැතුව මම මෙලොව මියෙන බව..
මේ පුංචි ලෝකයේ යම් තැනක
සිටීනම් තුටින් නුඹ සැමදින
හිනාවෙන්නම් මමත් හිත හදාගෙන..
විස්වාස නෑ සතුටු දැනේවිද වග
මුව පුරා සිනා මල් පිපුනට..
සිහිවෙද්දි නුඹව මගෙ හදවතට
ඉකිබිඳුම් නැගෙයි සිත පුරාවට
රහසේම කිසි කෙනෙක් නොමදැන...

ඒත් සත්තයි..
නුඹ ලඟදි මම වින්ද සෙනේබර නිදහස
දැනෙන් නෑමයි මෙලොව අන් කොතැනක
මගේ සිත්ගත් නුඹේ උණුහුම් පපුතුරේ හැර...



Friday, September 16, 2011

ට්‍රීං ... ට්‍රීං ...



දින දෙකක් නෑ සද්දයක්
වුනා වත්ද කරදරයක්
ඉවසනවා මං හිත හදන්
කතා කරන්න හැමදාමත්
ඔයා මගේම නෙවෙයි කවදාවත්...
ඔන්න අද හිටි ගමන්
උන්නා හද පිරි ආදරෙන්
එවූ කෙටි පණිවිඩ බලමින්
අපි අපේම වෙලා උන්
මතකය අවදි කරමින්...
එහෙම වෙලාවට කවදා වුනත්
මතක් වෙනවාමයි ඔයාට මාවත්
දන්නවා මං ඒ ගැන හොඳින්...

ට්‍රීං.... ට්‍රීං....
ආවා කෙටි පණිවිඩයක්
වෙන කාගෙන්ද ඒ ඔයාගෙන් මිසක්
දරාගන්න බෑ මට මේ දේවල්
ආදරෙයි මං හැමදාමත්......





අනේ දෙයියනේ මට වුන වියෝයා ...





අනේ අප්පුච්චියේ පහුගිය දවසක මට වෙච්චි දෙයක්. කාර්යාල සම්පත් අයථා පරිහරණය නිසා මගේ හෘදය වස්තුව දැඩි සේ කම්පනය වුනා. තව ටිකක් එහෙ මෙහෙ වුනා නම් බේරන්න පුළුවං වෙන්නේ උඩ ඉන්න දෙයියන්ටම තමයි. ඒත් මං කුණාටු මැද්දේ නොසැලෙන ගහක් වගේ ටිකක් විතර සැලි සැලී කෙලින් හිටියා.

මේ දවස් වල අපි හැමෝම ටිකක් විතර බිසී තමයි. ඒත් ඉතින් දෙයියනේ කියලා කැමීලියාගෙ ඔළුව නම් කොයි වෙලෙත් නිදහස්. ඇයි ඉතින් මොන වැඩේ කලත් ඔළුවෙ වෙන මීටර් ගොඩක් තියනවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මල කලබොලේ වැඩ කරන ගමන් ජංජාලේ සින්දුවකුත් බාන්න දාලා තිබුනා. මොන විකාර වැඩ කර කර හිටියත් ඒ හැම දෙයක් එක්කම රාජකාරි වැඩත් දඩ බඩ ගාලා කරන්න මට හොඳට පුළුවං. මට ඔය හැකියාව දීපු කෙනා තමයි අද මට වෙච්ච දේටත් වග කියන්න ඕන.

කොහොම කොහොම හරි අපේ බෑන්ඩ්විඩ්ත් එකට දරා ගන්න අමාරු තඩි මෙමරියක් ඩවුන්ලෝඩ් වෙන නිසා මුළු සිස්ටම් එකම ස්ටක් වෙලාලු. කාටද ඕවා කල්පනා වෙන්නේ හොඳ සින්දුවක් ලැබෙන්න යනකොට. අනික අපි කරන කියන හැමදේම සර්වරයෙන් බලන්න පුළුවං බව දැනගන්න කොට නැව ගොහිං, බඩු මාට්ටු. මක් කොරන්නද ඉතින් කැමීලියා‍ට උවමනාම දේවල් වලට හැර හොර වැඩත් ඒ තරම් බැහැ නොවැ. කො‍හොමත් මේක මම හොර වැඩක් හැටියට සැලකුවෙත් නෑ. ඉතින් චන්ඩියා වගේ හිටියා අතටම මාට්ටු වෙනකම්. අනික වැරැද්ද කරලා පැනලා යන්නෙ මක්කටෙයි. හිතට දිරි අරං මම තමයි කියලා කිව්වා. ඒකට මොකද මට ඇත්තටම බයත් හිතුනා
 
කොහොමහරි ටික වෙලාවකින් වැටලීම් කටයුතු අහවර වෙලා බලනකොට මං විතරක් නෙවෙයි මහ තැන් වල උදවියත් සෑහෙන ප්‍රමාණයක් මාට්ටු. මං ගන්න ගිය සින්දුව ඒ හැටි ලොකු එකකුත් නෙවෙයි. ඒ නිසා පොඩි මිනිහෙක් වෙච්ච මං ටිකක් විතර බේරුනා. කීප දෙනෙක් එකතු වෙලා සින්දු බාන කොට ලෝඩ් එක වැඩියිනේ. ඒ අස්සෙන් වෙන මොකක් හරි ප්‍රශ්නෙකුත් වෙලා කියලත් තේරුනා. කොහොමහරි බලාපොරොත්තු වුන තරම් සුනාමියකට අහු නොවී බේරුනා. මොනා වුනත් මගෙ හිතට හරි නෑ. මොකද කට්ටියගෙ වැඩ ටිකක් පාඩු වුනා මගේ සතුට වෙනුවෙන්. කැමීලියාට ගෙදර කොම්පීතරයක් නෑ නොවැ. ඉතින් මක් කොලත් මේ රාජකාරී වහල යටම තමයි.

දැන් ඉතින් සීමා මායිම් මැද යන්තම් මගේ බ්ලොග් සිඟිත්ත බලලා යන්න විතරක් මේ පැත්තේ එන්න ඕන කියලා මමම හිතා ගත්තා. ඇත්තමයි ජංජාලේ ඉතිහාස වාර්තාව අරං බලනකොට ඒකෙ මගේ බ්ලොගේ නම කී පාරක් තිබුනද. එවෙලෙ නම් මම සීතල වෙලා හිටියේ. ඒත් දෙයියනේ කියලා මුකුත් වුනේ නෑ. ඔය වාර්තාව මකලා දාන්නවත් මට ඕන කමක් තිබුනේ නැහැ නොවැ. නැත්නම් ඉතින් කලින් වැඩිහිටියන්ගේ උපදෙස් අරං මක්ක හරි කරලා තියන්න තිබුනානේ. ඒත් එහෙම කරන්න ඇයි වදේ මං හොර වැඩක්යැ කරන්නේ. අනික ඔය මොක කලත් මගේ බ්ලොගේට වැට බඳින්න ඇහැකි වෙයි මේ උන්දැලට. බලමුකො බලමුකො මොකද වෙන්නේ කියලා.... බැරිම වුනොත් කැෆේ එකක් හරි තියෙයිනේ ඔයාලා බලන්න එන්න. අනාගත ලැප් සිහිනයකට මේ උදවියත් උල් පන්දම් දෙනවද මන්දා. කොහොම වෙතත් හැමදාම මගෙත් එක්ක ඉන්න හො‍ඳේ මගේ හයියට.....



Tuesday, September 13, 2011

අනේ මන්දා....







පසුතැවිලි නොවෙමි මම
නුඹෙ සෙවන මගේ නමට
නොලියවුන දුක් කඳට,
සදාකල් නුඹෙ හිතේ
රැඳුනයින් මගේ නම...
ඒත්...,
නුඹෙ සියළු අයිතිය
වැදූ මවටද හිමි නොවන ලෙස
පවරගත් ඇගෙ සිතට,
සදාකල් සැනසුමක්
කිමද නැත්තේ තවම...



Thursday, September 8, 2011

රහසක් නොකල මැන එය...







නුඹ මට ආදරේ තරම
ආදරේ වෙන්න හේතුව
දැනගන්න මම හැර
වගකිව යුත්තෙක් ඉන්නවද වෙන...
නොකියන්නේ මන්ද එය
ජීවිතය ආපසු හරවන්න‍‍ට
තරම් ඔය හේතුව ප්‍රබලද...?
බියවන්න එපා නුඹ
නොයා ඉන්නෑ මම ඉදිරියට...
ඉතින් රහසක් නොකල මැන...
මියෙන්නට හොහොතකටවත් පෙර
දුවගෙන අවුදින් ළගට
විගසින් කොඳුරන්න එය කනට කර
මතු ආත්මයේ සොයා එන්නට...



Wednesday, September 7, 2011

දඩබ්බර මගේ ආදරේ ...





ජීවිතේ බර වැඩිවද
හිත දුවන්නේ අවදානමට
පියවෙන තුරු මගේ දෙනෙත
කල නොහැක නුඹට එය
කාට නොවටියත් නුඹෙ සිත
ම‍ට නම් වටී මහමෙර
රැකගන්න ඔය ජීවිතය
දුරන් හිඳවත් සැනසෙන්න මට...



Friday, September 2, 2011

24යි !!!!!!!!




යාළුවනේ හෙට මගේ උපන් දිනේ...





ඒත් අද පෝස්ට් එකක් දා ගන්න බැරි තරමට බිසි වුනා.
මං ආයි සඳුදා එන්නේ ඒ නිසයි දැන්මම කියන්නේ. ඉතින් හෙට හැමෝම ඇවිත් මගේ උපන් දිනේට සයිබර් කේක් කාලා යන්න හො‍ඳේ. වෙන මුකුත් හදා ගන්න නම් අද වෙලා මදි වුනා. එහෙනම් ඕන් මං ගියා......






Thursday, September 1, 2011

ඔහේ කුරුටු ගෑවා ...





ජීවිත චාරිකාවේ
වැදගත්ම ගමනක්
අහම්බෙන්ම ගිය
නුඹේ ලෝකයට

හිරු රැස් සැඩ නොවේවා...
සඳ එළිය මුදු වේවා...
තරු එළියෙන් අඳුර මැකේවා...
ජීවිතය නුඹ‍ට බරක් නොම වේවා...



 
                                                                                   මගේ හිත ‍ටිකක් කලබලෙන්...